උණුසුම් පුවත්

ගැරඩිඇල්ල ගම්මානයේ දී වෑන්රියක් පෙරළේ

තුවාල ලැබූවන් 17 කි

කොත්මලේ බස් රථ අනතුර සිදු වූ ස්ථානයට යාබද වූ බ්ලූම්ෆීල් වත්ත ප්‍රදේශයේ ගැරඬිඇල්ල ගම් පියසේ දී වෑන් රථයක්  පෙරලීමෙන් එහි සිටි  17 දෙනෙකු තුවාල ලබා කොත්මලේ ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇත. .

නුවරඑලිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ ආපසු රාජාංණයාය දකවා ධාවනය වූ වෑන් රථය මාර්ගයෙන් ඉවතට පැන  ප්‍රපාතයෙන්ව පහල වතු මාර්ගයට පෙරලිමෙන්  අනතුර සිදු වීය, තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය කියයි..

අනතුරින් වෑන් රථටයටද දැඩි අලාභ හානි සිදු වි ඇත.

නුවරඑලියේ සිට අනුරාධපුරයේ  බලා ධාවනය වු වෑන් රථයකි මේ අනතුුු ගොදුරුවන  ලද්දේ. අඩි 50 ක් පමණ ප්‍රපාතයකට පෙරළී තිබේ. පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව තුවාලකරුවන්‌ බේරා ගැනීමට කටයුතු කර ඇත.

( පුවත්පත්ටා කලාවේදී රංජිත් රාජපක්ෂ මහතා ගේ වාර්තාවකින් කළ උපුටා ගැනීමකි)