උණුසුම් පුවත්

ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රියක් ප්‍රපාතයකට

21 කු මරුට

නුවරඑළිය - ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ  රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී මෙන් සිදුවූ  අනතුරින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 35 කට අධික පිරිසක් තුවාල ලබා කොත්මලේ හා නුවරඑළිය රෝහල්වලට ඇතුළත් කර ඇත. 

කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙසේ අනතුරට ලක්ව ඇත.  නුවරඑලිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්‍රදේශයේදි අඩි 100 ක පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එහි සිටි 21කු දෙනෙකු මිය ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසී ය.

ඔවුන් ගේ මෘතදේහ මේ වන විට කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇත. අනතුරින් මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු පිටතට ගැනීමට පොලිසිය සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක් නිරත වෙමින් සිටිති.

  අලුයම 4:30 ට පමණ මෙම අනතුර සිදු වී තිබේ. එහි මගීන් 75 දෙනෙකු පමණ සිටිය බවත්, අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් කොත්මලේ ප්‍රා දේශීය රෝහලට, නුවරඑළිය  දිස්ත්‍රික් මහ රෝහලට,  නාවලපිටිය  මූලික රෝහල හා ගම්පොළ රෝහලටත් මාරු කර යවා ඇත.   තුවාල ලබා සිටින කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය කියයි.

 බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් මේ  අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැක කරයි.