කිලෝ ග්‍රෑම් 12. 5 රුපියල් 3790. 00 යි
ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්රෝ ගෑස් සමාගම විසින් ප්‍රකාශ කරන ලදි. නව මිල අනුව කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3790 කි.
අද මධ්‍යම රැයේ පටන් මේ මිල ගණන් සියල්ල ක්‍රියාත්මක යි.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 60 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 28 කින් ද, අඩු කර ඇති බව එම සමාගම සඳහන් කරයි.
කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1522 ක් වේ. රුපියල් 712 කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක අඩු කර තිබේ.