පරෙස්සම් වන්න - කාලගුණෙන් අනතුරු අඟවයි
ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී මඩකලපුව සිට 210km ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගත වී ඇත.
▪ එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්ර වීමට බොහෝ දුරට ඉඩ ඇත.
▪ මි.මී. 200 ට වැඩි ඉතා තද වැසි
▪ පැයට කිලෝමීටර 60 - 70 දක්වා තද සුළං
▪වලාකුළු සහිත අහස
▪ ගිගුරුම් සහිත වැසි
▪ ඉතා රළු මුහුද
▪ කඳුකර ප්‍රදේශවල නායයෑම් අවදානම්
▪ ප්‍රධාන හා සුළු ගංවතුර තත්ත්වයන් ඇති විය හැක.
▪ තද වැසි සහ තද සුළං මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
