නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය කරමින් සිටි පුද්ගලයකු ද ගිනි අවියක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු හා අවි නිශ්පාදනය කිරීම සඳහා ආධාර අනුබල දෙමින් සිටි පුද්ගලයකු ද තිරුක්කෝවිල් විශේෂ කාර්ය බළකායේ පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඊයේ (20) වන දින තිරුක්කෝවිල් පොලිස් වසමේ විනයාගපුරම් ප්‍රදේශයේ දී කළ වැටලීමක දී ය.
මෙරට නිෂ්පාදිත වෙඩිබෙහෙත් කොටන තුවක්කු 01 ක්, වෙඩිබෙහෙත් කොටන තුවක්කුවක නිශ්පාදනයට ගන්නා යකඩ බට 03 ක්, යකඩ කැපීම සඳහා භාවිතා කරන පවර් ෂෝ යන්ත්‍ර 01 ක් හා යකඩ පෑස්සීම සඳහා යොදා ගන්නා වෑල්ඩින් ප්ලාන්ට් යන්ත්‍රයක් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත ඒ් තිරුක්කෝවිල් හි විනයාගපුරම් ප්‍රදේශයේ දී ය. අත්අඩංගුවට පුද්ගලයන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා තිරුක්කෝවිල් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරුවන් වයස අවුරුදු 34,42,54 පසුවන තිරුක්කෝවිල් හා කන්චිකුඩිච්චිආරු යන ප්‍රදේශයන්වල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.