විඳුම් හෙට ද නිම නොවේ

සෙනහසම සොයමින් ආමි මග දිගට
මඳහස පවා සැඟවෙන්නේ කුමට
සරතැස නිවාළන්නට ළිඳක්
පමණට
සයුරක් විලස ඉන්නා මිනිසුන් කුමට
ප්‍රේමයේ නමින් මධු ඔබ බීවාද
ඒ මුවින් ගලන ලේ දුටුවේද
සනාතන ලොව ඔබ අත හැරියාද
නැවුම් ලොව ආදරය ඔබ සතපාද
ගලනා කඳුළු පිසින අත් ලොවේ නැත
හමනා සුළඟෙ මිනිසත් බව රැඳූ නැත
හඬනා එවුන් දැක දැන් කිරි එරී නැත
විඳිනා මේ විඳුම හෙට නිම වන්නෙ නැත
සතෙන් සතේ ශත සියයක් රුපියලකි
බිඳෙන් බිඳේ දිය එකතුව මහ වැවකි
අඳුරෙන් අඳුර ආලෝකය උල්පතකි
එකින් එකා මිනිසුන් වෙමු එය ජයකි.
