චම්මිගේ ලියවිල්ල
වැස්ස වහිනවා.
සිත මන්දාරම් නුවර වගේ.......
එළිය සොයනවා.!!!
සුවපත් සිතක ඇතිවෙන
මුදු සෙනහසම ලොව බබලවයි.
ඔබට අන් සැමද ඒ ලෙස දැනේ එවිට.
අපි අපිවම මුලට දමාගෙන ලකුණු සීයම අපිට දමා ගෙන බලද්දී උත්තර ලියූ වටාපිටාවේ ඔක්කොම පේන්නේ සුදු නොවූ හිස් කළු කඩදාසි වගේ.
ඒ නිසා පිටට ලකුණු දීලා එයාලම හොඳයි හොඳ වේවා කියා සිතුවම නිකන්ම අපේ කොළය පිරෙනවා.
අපි ඒක ගැන නොහිතාම වැඩ කළොත් නෑ එහි තරගයක්.
ඒත් නොදැනුවත්වම එතැන මොනව හරි කොස්සක් මතුවෙනව. නොදැනම එය තරගයක් හෝ මම කළා එයා එය නොකළා කියා හැඟීමක්.
ඒක පුංචිම පුංචි දෙයක්. සමහරවිට වැඩකට ඇති දේකුත් නොවෙයි.
ඒත් අපි පැටළි පැටළී ඒත් එක්කම.
අපි එහෙම වෙලාවට නිහඩ වෙමු.
ඒක පරාජයක් නොවේ. අනිකාට ගරු කිරීමක්. ආදරය කිරීමක්.
නැත්නම් ඔහුට ඔහුවම අවබෝධ කරගන්නට ඉඩ හැරීමක්.
ඔබට හිතේවි
"අය්යෝ මං කොච්චර එහෙම කරළ ඇද්ද?
ඒත් අන්තිමට වැදුණෙත් මට. නරක නාමෙත් මට".
ඒත් කමක් නෑ. ගහන්න ගහන්න වඳින මිනිහත්, වඳින්න වඳින්න ගහන මිහිහත් මෝඩයෙක් කීවට........
අපි හිතමු ඒ 'මෝඩ' කීවේ මෝහය නැති කරන්නා යන අරුතින් කියලා.
එහෙම නැතුව අපිට අද මේ සමාජයේ නිවැරදි වෙන්නවත්, ජීවත් වෙන්නවත් බෑ. ඒකයි ඉස්සර ගීතවලත් කීවේ 'ඉන්න ටිකේ ඉමු අපි සන්තෝෂෙන් " කියා.
ඒවා සරළ කියුම් වාගේ පෙණුනට ඔබ මොහොතක් කල්පනා කර බලන්න.
පැරණි හැම ගීතයකම යටිපෙළ අරගෙන. එතැන ඇත්තේ බුදු දහමේ ගැඹුරු කියමනක්.
එහෙමනම් එදාට වඩා දියුණුයි කියන අද ඉන්නා අපිට බැරි ඇයි එදාට වඩා ගැඹුරින් සිතන්න.
යමක් දැනෙන්න කරන්න බැරිනම් අපි අපිටම දැනෙන්න සිතමු.
එය සමථය ඉක්මවා යන විදසුනක්ම වඩාවි එවිට මා ප්රිය නුඹට.
සුවපත් වෙමු. මට කළ හැක්කේ ආශිර්වාද පමණි. එහි ගෞරවනීය කතුවරයා නුඹමය.
එබැවින් ජීවිතේ සතුටේ හිමි කරුවා ඔබමය.එය ඔබ භාර කරන්නේ අනිකාටය.
හිතට හිතන්නට අණ දෙමු.
වැස්ස නවතීවී. එළිය දැල්වේවි. සුළඟ හමාවි. වටාපිටාවේ කුරුල්ලන් හඬ දේවි.
ඔබ පිබිදේවි.
චම්මින්ද වෙලගෙදර .
16-06-2025.