ඡන්ද කාලේ කතා හෑලි
⋆ රාජ්‍ය පාලනයට තරුණ අදහස් ගන්න යාන්ත්‍රණයක් - නව පරපුරේ කතිකාව (Gen Z dialogue) ඇති කරමින් එම අදහස් රාජ්‍ය පාලනයට භාවිතා කරන බව යි ජනපති රනිල් කියන්නේ. එමෙ කියන්නෙ මහරගම දී 30 වැනිදා. තරුණ සේවා සභා ශාලාවේ දි. ඒ පුළුවන් ශ්‍රී ලංකා හමුවෙදි. අද (31) ලංකාදීප පත්තරෙන්
⋆ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකිවල තෙල් ගබඩා කර තෙල් අපනයනයට තම ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව අනුර කී කතාවක් 31 අද ලංකාදීපයේ ඒ කන්තලේ දී කරපු ප්‍රකාශයක්
වංචා දූෂණ නාස්තියට තිත තියන බව සජිත් කියනවා. බංකොලොත් රට ගොඩගත හැකි දුප්පත්කම තුරන් කරන ජනතාවාදී ප්‍රතිපත්ති සමගි ජනසන්ධානය එළි දැක්වූ බව ද පූගොඩ දී කියයි.
වැහි කාලයට වදුරෝ ගස්උඩ ගෙවල් හදනවා වගේ, ඡන්දයක් ආවාම ඡන්ද පොරොන්දු ටිකක් අච්චු ගහලා බෙදනවා. මේ පොරොන්දුවලට රටක් දිනවන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කවිරත්න කියයි. මාතලේ නාවුල දී
කවදාකවත් ඉටු කරන්න බැරි, ඉටු කරන්න බැරි පොරොන්දු තොගයක් ‘ක්‍රියාමාර්ග‘‘ කියලා ලේබලයක් ගහලා දාලා තියෙනවා. මේ මැතිවරණ ප්රකාශනය ජවිපෙ දිගු කාලීන ප්‍රතිපත්ති ඔළුවෙන් හිටවලා තියෙනවා. එදා අපේ කඳවුරට උසුලු විසුළු කළ ප්‍රතිපත්ති අද ‘ක්‍රියාමාර්ග කියලා‘ පොරොන්දු විදිහට දාලා තියෙනවා. ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා 1982 කියපු කරපු දේවල් හරි කියලා අද ජවිපෙ ට වැටහිලා තියෙනවා. 2004 යළි පුබුදම ශ්‍රී ලංකා වැඩසටහනේ සැලසුම් ගෙඩිය පිටින් මේකේ තියෙනවා. 2015 යහපාලන ආණ්ඩුව විසින් පටන්ගත්ත වැඩ ගෙඩිය පිටින්ම මේකේ තියෙනවා.
රෝහිණී කවිරත්න ම තමා එහෙමත් කියල තියෙන්නේ.
රාජ්‍ය දේපළ සංවර්ධනය කොට රාජ්‍ය ආදායම වැඩිකර ගන්නවා මිස රාජ්‍ය දේපල විකුණාගෙන රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට තමා සූදානම් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ නාමල් රාජපක්ෂ අවධාරණය කරයි.
නාමල් එහෙම කියන්නෙ හක්මන නගරයේ තිබුණු ජනාධිපතිවරණ ප්රචාරක රැලියේ දී. ආරිය බුලේගොඩ ගෙ දෝණියත් නාමල්ට සපෝට් එකට ඒ වේදිකාවට ගොඩවෙලා තිබුණා.
ආරිය බුලේගොඩ ආරිය බුලේගොඩ - පාගොඩ නුගේගොඩ, පාගොඩ නුගේගොඩ
කියල යි බුලේ ඒ කාලෙ තමන්ට ලියුම් කියුම් එන හැටි වේදිකාවල දි කිව්වේ.
ආරිය බුලේගොඩ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ එක්කත් බොහොම කිට්ටු කිට්ටුවෙන් සබඳතා තිබුණු දේශපාලනඥයෙක්. ජනතා විමුක්ති පෙරමුණෙන් ඉස්ඉස්සරවෙලා ම පාර්ලිමේන්තුවට නියෝජිතයකු හැටියට නිහාල් ගලප්පත්ති පත්වුණේ ආරිය බුලේගොඩට පින් සිද්ධ වෙන්න බව අද ජවිපෙට අමතක නැතිව ඇති කියල යි අපේ කල්පනාව.
එච්චර විතරක් නං බැරියැ. 1994 ජනාධිපතිවරණෙට ජනතා විමුක්ති පෙරමුණෙන් නිහාල් ගලප්පත්ති තරග කළෙත් බුලේ ගේ ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදි ජාතික පෙරමුණෙන්. ඒදා නං චන්ද්‍රිකා එක්ක ජනතා විමුක්ති පෙරමුණ ගිවිසුමකුත් ගැහුව බව අද ඔවුන් වටා ඉන්න තරුණ පිරිස් නොදන්නවා ඇති.
ඒ ගිවිසුම ප්‍රකාරව චන්ද්රිිකා බලයට පත්වෙලා හෙවත් ප්‍රථම ජනාධිපතිවරයි වෙලා කටයුතු කළේ නෑ. ඒ ජනාධිපති ධූරය අහෝසි කරනා බවට වූ ගිවිසුම යි.
ඊට පස්සෙ ආපහු වංගියක් චන්ද්‍රිකා එක්ක ගිවිසුම්ගත වෙලා පාර්ලිමෙන්තුවට බොහෝ ආසන දිනං රිංගගත්තු බව කියන්නෙ නෑ. දැන් ඒ කිසිම දෙයක් ගැන කතා කරන්න තරම් ජවිපෙ නායකයින් අවංක බවක් පාන්නේ නෑ. එච්චර විතරක් නෙවෙයි ඇමතිකං හතරකුත් ගත්තු බවක් මතක නැතුවා වගේ.
ඔන් ඔය අතරෙ ඔටුන්න හිමි කුමාරවරුන් දෙන්නත් බොහොම හිත් ඇඳ බැඳ ගන්නා ප්‍රතිපත්ති ප්‍රකාශ ජනතාවට කියනවා. ඒ ප්‍රකාශන ද බොහොම අපූරුයි. ලස්සන යි. හැඩයි. ආසා හිතෙනවා. ඡන්දදායකයින් වශී වෙන සුලු යි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ජනාධිපතිවරණ ප්‍රකාශයත් මාර ම මාර යි. බලන සැණින් හිත ඇදී යනවා. ඒකත් මාර ම මාර ලස්සන යි.
මේ කවුරු කවුරුත් දත කන්නෙ ඡන්දදායකයින් ගොන්නුන්ට අන්දන්න කියලයි මට නං හිතෙන්නේ. ඒ උත්තමයා ගේ කතාව අයිඑම්එෆ්... අයිඑම්එෆ් ය. උන්නැහේ වැඩ කරන්නෙ අයිඑම්එෆ් පදේට යි. ඒ පදේ හැටියට අපි රූකට කියා කල්පනා කරන උන්නැහෙත් බටහිරයන්ගෙ බෙරපදේට අපි කවුරු කවුරුත් නටවන්නටයි කල්පනාව.
හැබැයි දැන් එකක් කියන්නෝනැ. මේ දවස්වල දකින්න පේන්න අහන්න තියෙන දේවල්වල හැටියට නං රනිල් වික්‍රමසිංහ උන්නැහේ අනිත් කාට කාටත් වඩා ඉස්සරහට දෙපා තියනවා.
මොකක්දෝ සමාජජාලයක තිබුණා නාමල්ථ සජිත් එක්ක නොපැහැදිලි ගිවිසුමක් ගහන් ය රනිල් පරද්දන්න කියා. ඒක එහෙම වෙන්නත් පුළුවන්. නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒහෙම කතාවක් රටේ තොටේ පැතිර තියෙනවා. පැතිරෙනවා.
මේ සටහන ඔස්සේ ජනාධිපති පුටුවෙ වාඩිවෙලා ඉඳන් ජනාධිපතිකමට තරග කරන රනිල් මහත්තයා පරාජ කරන්න නාමල් දත කන්නේ 2029 ජනාධිපතිවරණය ඉල්ලක්ක කරන් කියන කතාවේ ඇත්තක් නැත්තෙත් නෑ.
ඔටුන්න හිමි කුමාරවරුන් ගැන වත් ජෙප්පන් හෙවත් ජාතික ජන බලවෛ්ගයේ හෝ රනිල් ගේ හෝ ජනතාවට දී ඇති පොරොන්දු පත්තර ගැන කතා කිරීමෙන් පළක් නැත්තේ මේ රටේ ඇත්තන් ඇත්තියන් ඡන්ද කාලෙට දෙන අහස උසට එසවෙන පොරොන්දු දිහා ලබන කොට මේවත් ඒ් හා සමාන බොරු පොරොන්දු බව තේරෙන නිසා.
ඔය අල්ල පනල්ලෙ තවත් ජනාධිපතිවරණ ප්‍රකාශයක් අද උදේ දැක ගන්න හැකි වුණා.
උඩින් කියපු පුද්ගලයින් හැම දෙනා ම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හෙවත් දියවන්නෙ හෝයේ ඇති දැවැන්ත මන්දිරයේ අසුන් ගත්තු කට්ටිය. ජනපති රනිල් 1977 වගේ කාලෙ පටන් දියවන්නාවේ අසුනක අසුන් ගත්තු කෙනෙක්. සජිත් වගේ ම අනුරත් ඒ වගේ ම නාමල් බේබිත්තත අපේ විජයදාස රාජපක්ෂ මහත්තයත් පාර්ලිමේන්තුවේ අදටත් ඉන්න කෙනෙක්. උන්නැහෙත් ජනාධිපතිවරණයට පොර පිටියෙ සැරිසරන්නෙක්.
අපි කවුරුත් දන්න ඒත් පාර්ලිමේන්තුවේ ලැගුම් ගෙන නැති දෙරණ කාරයා..... දිලිත් ජයවීරත් මේ හටනේ එක මංතිරුවකටවෙලා සැරසෙන් එළවේ යා කියන සංඥාව ඔස්සේ කල්මරමින් ඉන්න චරිතයක්.
මේ චරිතෙ අන් අයට වඩා කිසියම් සුවිශේෂ බවක් ඇතැ යි මේ සටහන ලියන ලේඛකයාට පේනවා.
අනුරයි සජිතුයි හැරුණහම රනිල් මහත්තය යි, විජේදාස මහත්තය යි, නාමල් බේබි මහත්තය යි, තුන් දෙනා ම නීතිඥවරුන්.
ජනතා අදහස් මතින් පණ පෙවුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික උපාය මාර්ගික සැලැස්ම 2024 ජනාධිපතිවරණය සර්වජන බලය - මෙය ද පිටු 62 කින් සැදුම්ලත් ප්‍රකාශයකි.
ප්‍රතිපත්ති ප්‍රකාශ බොහොම යි. පිටු 100 යි 200 යි වදන් කෝටියයි බලන් ඉන්න අයට හරි සුන්දරයි. ගලහිටියේ සුමන හිමි
මෙය සැකසී ඇත්තේ පළමු හා දෙවන කෙටුම්පත් ජනතාව අතට පත් කිරීමෙන් අනතුරුව ඊට එකතුවිය යුතු යමක් ඇත්දේ ද සකස්විය යුතු යමක් ඇත්දැ යි තේරුම් බේරුම් කර ගැනීමෙන් පසුව බව පෙනේ.
සජිත් ප්‍රේමදාස වන මාගේ නායකත්වයෙන් සමගි ජන සන්ධාන රජයේ ප්‍රතිපත්ති සහ ඒ යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති ඉදිරි වැඩසටහන් පිළිබඳව සංක්ෂිප්ත සාරාංශයක් ඔබගේ දැනගැනීම පිණිස මෙලෙස මුද්‍රණය කරන ලදී. මෙම මූලික සංකල්ප රාමුවට එකඟ වෙමින් එක් එක් ක්ෂේත්රය සම්බන්ධයෙන් කටයුතු කරන විශේෂඥයින්, වෘත්තිකයින් සහ ක්‍රියාකාරීන් සමඟ පුළුල් සංවාදයකින් පසුව ඇති කර ගත් එකඟතාවන්, ප්රතිපත්තීන් හා ප්රඥප්තීන් ලෙස මෙම ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව එළිදක්වනු ඇත.