2024 වෙඩිතැබීම් 121 ක් හා මරණ 60 ක්
‘පොහොසත් රටක් ලස්සන මාතෘභූමියක්’ බිහි කරන ගමනට අදාළ අද පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී රටේ ක්ෂේත්‍ර රැසක පුද්ගලයන් මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරිමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.
පොරොන්දු වූ විදුලි බිල 33% කින් අඩු කරන්න
විදුලි බිල 1/3 කින් අඩු කරන්න රජය පොරොන්දු වුවත් අදාළ විෂය භාර ඇමතිවරයා විදුලි බිල වැඩි කරන්න සිදුවන බව පැවසු බවත් විදුලි බල මණ්ඩලය ද මාස 6 කට විදුලි බිල අඩු කරන්න බැහැ යැයි කියු අවස්ථාවේ ජනතා අදහස් මත මහජන උපයෝගීතා කොමිසම විදුලි බිල 20% කින් අඩු කළ බවත් එයට ද මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බව පවසන බවත් එම නිසා මේ අවස්ථාවේ 20% අඩු කිරීම මෙන්ම මැතිවරණ පොරොන්දුවක් වූ 33%ක විදුලි බිල අඩු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ජීවිතවල සුරක්ෂිතාව ඇති කරන්න යැ යි කී ඔහු මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම වර්ධනය වී ඇති බවත් 2024 වෙඩිතැබීම් 121 ක් හා මරණ 60 ක් සිදුව ඇති බැවින් මේ ගැන රජය අවධානය යොමු කළ යුතු බවත් මේවා විසදන්න කටයුතු කළ යුතු බවත් සඳහන් කළේ ය.
පාස්පෝට් ගැටලුවට විසදුම් දෙන්න
එසේම විදේශ ගමන් බලපත්‍ර ගැටලුව බරපතල වී ඇති බවත් මේ සදහා මාර්ගගත ක්‍රමයක් හදුන්වා දුන්නත් මාර්ගගත ක්‍රමයටද පොළිමක් ඇතිව තිබෙන බැවින් මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
පොල්තෙල් ආනයන ගැටලුවට විසදුම් අවශ්‍යයි
එමෙන්ම පොල්තෙල් ආනයන ක්ෂේත්‍රය කේන්ද්‍රීයව 2024 ජනවාරියේ සිට පිරිපහදු නොකළ පොල්තෙල් ආනයනය කර පිරිපහදු කර විකිනීමේ දී 18%ක වැට් බද්ද සහ 2.5%ක සමාජ ආරක්ෂණ බද්දක් අය කළත් මෙලෙස ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල්තෙල් පිරිපහදු කර වෙළෙදපොළට දැමීමේ දී ගෙවිය යුතු බදු රටට අහිමි වී ඇති බවත් එය රු. බිලියන 5ක් පමණ වන බවත් මේ සම්බන්ධයෙන් ද විසදුම් අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
බහලුම් නිශ්කාෂණ ගැටලුව තවමත් විසදී නැහැ
වරාය තුළ බහලුම් නිශ්කාෂණය වේගවත් නොවීමත් ට්‍රක් රථ තදබදය නිසා නැව් විශාල ප්‍රමාණයක් කොළඹ වරාය හැරගොස් ඇති බවත් තවත් බහලුම් 4000 ක් පමණ ඇති නිසා මේ සදහා කඩිනම් විසදුම් අවශ්‍ය බවත් ඊට අමතරව වැඩිහිටි ප්‍රජාව විවිධ ආණ්ඩු යටතේ 15% පොලියක වාසියක් භුක්ති වින්දත් 2022 සිට එය අහිමි වී 7-8% දක්වා අහිමි වී ඇති බවත් එක් පැත්තකින් රදවාගැනීමේ බදු 5 සිට 10% දක්වා වැඩි කිරීම නිසා මෙම 15% පොළිය නැවත ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
සෆාරි ජීප් රථ රියදුරන් ගැනත් බලන්න
ත්‍රිරෝද රථ බස් රථ කේන්ද්‍රීයව යම් යම් වෙනම්කම් සිදුවන බැවින් සංචාරක ක්ෂේත්‍රයේ ජාතික වනෝද්‍යාන කේන්ද්‍රීයව ජිප් රථ භාවිත වන බවත් ඒ තුළින් විශාල පිරිසක් ආදායම් ලබන බවත් එම නිසා මේ ජීප් රථවල ඇති අඩුපාඩුකම් සොයා බලා කටයුතු කරන ලෙසත් ත්‍රිරෝද රථ සහ බස් රථවල අනවශ්‍ය කොටස් ඉවත් කළාට මේ ජීප් රථවලට එම නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත් එය සංචාරක කර්මාන්තයට අවශ්‍ය දෙයක් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ඉල්ලා සිටියේය.
රැකියා විරහිත උපාධිධාරී ගැටලුවට කඩිනම් විසදුම් දෙන්න
උපාධිධාරීන් 45000කට ආසන්න ප්‍රමාණයක් රැකියා විරහිත බැවින් ඒ අයට රැකියා ලබා දෙන ලෙසත් මැතිවරණ සමයේ මෙය ප්‍රමුඛ යෝජනාවක් වී ඇති නිසා මේ උපාධිධාරීන්ගේ රැකියා ගැටලුවට සවන් දෙන ලෙසත් සංවර්ධන නිලධාරීන් 22000ක් සිටින බැවින් මේ අය ගුරු හිගය පියවන්න විශාල කැපකිරීමක් කළ නිසා මේ අයව ගුරු සේවයට බදවා ගන්නා ලෙසත් මේ අය පසුගිය කාලයේ උද්ඝෝෂණ කිරීමේ දී ගැටලුවට පවා ලක් වූ බැවින් සංවේදීව මේ ගැන සිතා කටයුතු කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් ඉල්ලා සිටියේය.
විද්‍යාපීඨ සහ සිසු හෙද පුහුණුවේ ගැටලු රැසක් තිබෙනවා
එමෙන්ම ගුරු අධ්‍යාපඥ ක්ෂේත්‍රයේ පුරප්පාඩු 706ක් සදහා ගැසට් නිකුත් කර විභාග පැවැත්වුවත් තවමත් බදවා ගෙන නොමැති නිසා කඩිනමින් ප්‍රතිඵල නිකුත් කර අදාළ බදවා ගැනීම් සිදු කරන ලෙසත් සිසු හෙද පුහුණුව ගැටලුව කෙරෙහි ද අවධානය යොමු කරන ලෙසත් ඊට අමතරව විද්‍යාපීඨ බදවා ගැනීම් කඩිනම් කරන ලෙසත් විද්‍යාපීඨ හරහා උපාධි ලබා දෙන වැඩපිළිවෙළකට යොමු වන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ග්‍රාම නිලධාරීන්ටත් ගැටලු රැසක් තිබෙනවා
එසේම ග්‍රාමනිලධාරින්ගේ දීමනා ගැටලුව සේවා ව්‍යවස්ථා ගැටලුව අස්වැසුම වැඩසටහනේ ගැටලු මෙන්ම ජන සංගණන ගැටලු ආදිය පවතින බැවින් ගමේ විශාල වැඩකොටසක් ඉටු කරන ග්‍රාම නිලධාරීන්ගේ මේ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් ිපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් ඇති බවත් මේ බරපතල ගැටලුවලට විසදුම් දීම රජයේ වගකීම බවත් එම නිසා ප්‍රගතිශීලීව විසදුම් ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.