වැඩ භාර ගත් අයුරු
ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණි ජනාධිපතිවරයා එහි කාර්ය මණ්ඩලය විසින් ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබූූ වගයි
අනතුරුව ආරක්ෂක අමාත්‍යාංශයේ වත්මන් ක්‍රියාකාරිත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.
යහපත් ආණ්ඩුකරණයක් වෙනුවෙන් නව රජය කැපවී සිටින බවත්, රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා පැවසීය.
ව්‍යවස්ථා නීතිවල කුමන අණපනත් පැවතියත් එසේම ප්‍රබල වන්නේ ජනතාවගේ බලය බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, පසුගිය ජනාධිපතිවරණයේ දී සහ මහ මැතිවරණයේදී ලබාදුන් ජනවරමේ සංයුතිය සහ හැඩතල දෙස බැලූ විට ඔවුන්ගේ එම අපේක්ෂාවන් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය. එහිදි රාජ්‍ය සේවය මෑත ඉතිහාසයේ මැතිවරණයකදී ලබාදුන් 80%කට ආසන්න ප්‍රමාණයක වරමක් රජයට ලබා දුන්නේ මෙම වෙනස ඔවුන්ගේ ද ප්‍රාර්ථනයක් බවට පත්ව තිබෙන නිසා බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.