වාර්තාව වාක්‍ය 6 - 7 කට සීමා කරලා
අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මාර්ගත ආරක්ෂාව පිළිබඳ පනත සම්බන්ධයෙන් සාකච්ඡාවක් වූ නමුත් එම සාකච්ඡාවට පෙර පාර්ලිමේන්තු ක්‍රමයට අනුව ආංශික අධික්ෂණ කාරක සබාව තුළ මේ පනත සහ එහි සංශෝධන සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් විය යුතු වුවත් ආංශික අධීක්ෂණ කාරක සභාව සහ එහි නිලධාරීන් එම වාර්තාව වාක්‍ය 6-7 කට සීමා කර ඇති බව විපක්ෂ නායකවරයා පැවසී ය.
ඔවුන් සිතාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ සිටින්නේ මෝඩයන් 225 දෙනකු බවට. එම නිසා එවැනි වටිනාකමක් නොමැති වාක්‍ය 6-7 ක වාර්තාවක් සකස් කර ලා. එම වාර්තාවෙන් පැහැදිලි වන්නේ අපේ රටේ ව්‍යවස්ථාදායකය තුළ නිර්මාණය වන වාර්තා අවබෝධයකින් දැනුමෙන් කුසලතාවෙන් අධ්‍යාපනයෙන් තොරව ක්‍රියාත්මක වෙන වග. ලක්ෂ 220 කගේ බදු මුදලින් යැපෙන රටේ තාවකාලික බාරකරුවන් ලෙස කටයුතු කරන 225 දෙනා සිටින ආයතනය තුළ නිර්මාණය වන මෙම ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව තුළින් රටක් ලෙස අප සිටින තැන පැහැදිලි යි" විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එම වාර්තාව විදේශීය දියුණු රටවල පුද්ගලයෝ කියවා බැලුවොත් ඔවුන්ට කියන්න ඇත්තේ what a bunch of fools parliament in sri lanka යනුවෙන් බවත් මෙහි කිසිදු විශ්ලේෂණයක් ගවේෂණයක් නොමැති බවත් වහල් දේශපාලනය තුළ ජනාධිපතිගේ අගමැතිගේ වහලුන් ලෙස කටයුතු කර වැදගත් පනතක් විනාශ කර ඇති බවත් ඒ තුළින් රටේ අධ්‍යාපනය පාර්ලිමේන්තුවට කෙතරම් දුරට බලපෑමක් සිදු කර ඇත්ද කියා සිතෙන බවත් ඒ තුළින් ලක්ෂ 220 වෙනුවෙන් තීන්දු තීරණ ගන්නා අයගේ සාක්ෂරතාව සම්බන්ධයෙන් ද අවබෝධයක් ලබා ගත හැකි බව හෙතෙම පැවසී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ කියා සිටියේ අද (23) සක්වල වැඩසටහනේ 72 වැනි අදියර යටතේ මාලිගාවත්ත ධාරුස්සලාම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවේ දී ය.
පාලකයෝ නිර්මාණය කළ බංකොලොත්භාවය තුළ රටේ පුරවැසියන්, දරුවන්ට, මව්වරුන්ට අභියෝග රැසක් එල්ල වී ඇති මොහොතක වියදම් අහස උසට නැගී ඇති මොහොතක දුෂ්කරතා මධ්‍යයේ දෙමාපියන් දරුවන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරනවා. දරුවන් ශ්‍රේෂ්ඨයෙක් විශිෂ්ටයෙක් බවට පත් කරන විශාල වෙහෙසක් දරනවා. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සිදුකරන කැපකිරිම ආයෝජනය අනාගතයේදී සොරාගත නොහැකි සම්පතක්. විපක්ෂ නායකවරයා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56 කට රුපියල් ලක්ෂ 1719 ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892 ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 72ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 696 ක් වැය කර තිබේ.