උණුසුම් පුවත්

ජනාධිපති ගේ කාලය දික්කර ගන්න රංගෙ බණ්ඩාර දත කයි

ජනමත විචාරණයක් පැවැත්වීමට ද හේ යෝජනා කරයි

ජනාධිපතිවරයාගේ හා වත්මන් පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට ජනමත විචාරණයක් පැවැත්විය යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා යෝජනා කරයි.

රටේ පවතින තත්ත්වය අනුව  අදට ඇති ගතයුතු හොඳම පිළිවෙත මෙය බවද සඳහන් කළ රංගේ බණ්ඩාර මහතා,  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක බැංකුව හා අනෙකුත් ජාත්‍යන්තර ආයතනය සමඟ ගිවිසුම් වලට එළැඹ ඇති හෙයින්  අත්‍යවශ්‍ය කටයුත්තක්ය සේ මේ යෝජනාව ගෙනහැර දැක්වූවේ ය.

රටේ පවතින ආර්ථිකය තත්ත්වය ශක්තිමත් කිරීමට  ආණ්ඩුව ගෙනයන ව්‍යායාමට සාර්ථක කිරීම කරගැනීමට නම්  ජනාධිපතිවරයාගේ මෙන් ම පාර්ලිමේන්තු කාලසීමාව දීර්ඝ කළ යුතු බවද ඔහු පෙන්වා දෙයි

ඒ උදෙසා ජනමත විචාරණයක් වුව පැවැත්වීමට හේ යෝජනා කළේ ය. ඒ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය  නිසා යැ යි ද  ඔහු තවදුරටත් සඳහන් කළේ ය.