මැතිවරණ කොමිසමේ කටයුතු නිවැරදියි
ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති චමින්ද්‍ර දයාන් ලේනව යන පුද්ගලයා තමාගෙන් හෝ තම නීතීඥවරුන්ගෙන් ඒ පිළිබඳ අදහස් විමසීමක්, උපදෙස් ලබාගැනීමක් සිදුකර නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ධූර කාලය වසර 5ක් වන බවත්, 2024 වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කිරීම නිවැරදි බවත් යන්න ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැඩි ස්ථාවරය බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.