සජිත් මහියංගණයේ දී කියපු කතා
ජනාධිපතිවරයා, අගමැතිවරයා මැති ඇමතිවරුන්ට නිකං රට සවාරි යා නොහැකි බවත් යන සෑම ගමනකින්ම රටට ප්‍රායෝජනයක් ගෙන පැමිණිය යුතු බවත් ක්රමයේ වෙනස ඇති කරන බවත් කයිවාරු ක්රමයේ වෙනසින් රටට වැඩක් නොමැති නිසා ජනතාවට දැනෙන ක්රමයේ වෙනසක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
පාලකයන්ගේ වරදින් රටෙන් අඩක් දුප්පත්
රටෙන් අඩක් දුප්පතුන් බවට පත්ව ඇති බවත් රට හිතාමතාම බංකොලොත් කිරීම නිසා විපතට පත් ජනතාව දුප්පතුන් බවට පත්ව ඇති බවත් එම නිසා ජන සවියට වඩා ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් සදාකාලික සහනාධාර ලබා නොදී දුප්පත් කමින් මිදෙනකම් ශක්තිමත් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
කයිය නායකයොන්ට වැඩ බැරි වුණාට අපිට වැඩ පුළුවන්
මේවා කරන්න වැඩ බැරි කයිය නායකයන්ට මුදල් නොමැති වුවත් තමාට ඒ සදහා මුදල් සොයන ක්‍රම ඇති බවත් රටේ පාලකයා ටයි කෝට් ඇදන් ලෝකේ වගේ සවාරි ගැහුවත් රටට අගයක් එකතු නොවූ බවත් ඔවුන්ට පොදුජනතාව ගැන හැගීමක් නොමැති වුවත් තමාට ජනතාව ගැන කැක්කුමක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
අපි රටේ තාවකාලික භාරකරුවන් පමණයි
දැන් ඉන්න පාලකයෝ හැසිරෙන්නේ රට සින්නක්කරව ලියා ගත් ආකාරයට බවත් ලිට්රෝ ගෑස් එක, ටෙලිකොම්, රක්ෂණ සමාගම වැනි ලාභ ලබන ආයතන විකුණන වෙන්දේසි ලන්තයක් වී ඇති බවත් ඔවුන් ඒවා විකුණුවත් තමා මේ ආයතන තවත් ලාභ ලබන ආයතන බවට පත් කරන බවත් මේ රටේ භූමිය හා රාජ්‍ය සම්පත කාගේවත් දේපලක් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
අපි බලයට එන්නේ සැප බලාගෙන නෙවෙයි
පසුගිය දිනක ජනාධිපතිවරයා පොහොට්ටුවේ රැස්වීමකට ගොස් ඔහු යන වේගයට තමාට යා නොහැකි බව පවසා ඇති බවත් තමා ජනාධිපති වූ පසු පොඩි මිනිසාගේ ආණ්ඩුව තුළ රට දිනවන්නටත් ලක්ෂ 220 දිනවන්නටත් කැපවන බවත් බලය ලබා ගෙන සැප ලබන පක්ෂයක් නොවන බවත් රාජ්‍ය බලය ලබා ගෙන බදු ගෙවන්නන්ගේ අරමුදල් වැය කර රට සවාරි ගොස් හිස් අතින් නැවත රටට එන ප්‍රතිපත්තියේ තමා ඇතුළු පිරිස නොමැති බවත් 76 වසරක ප්රජාතන්ත්රවාදී ඉතිහාසය තුළ බලයක් නොමැතිව වැඩක් කළේ සමගි ජන බලවේගය බැවින් සමගි ජන බලවේග රජයක් තුළ මීටත් වඩා වැඩි කොටසක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල හා හුස්ම ජනාධිපතිවරණය නිසා තහනම් කළත් බදු ගෙවන්නන්ගේ මුදල් උපයෝගී කර ගෙන ජනාධිපතිවරයා විවෘත කරන ව්‍යාපෘති නම් තහනම් නොමැති බවත් වරදානයක් වරප්‍රසාදයක් ලබා නොගෙන වැඩිම කැපකිරීමක් තුලින් රටට සේවය කරන පොදුජන නායකයා විම තමාගේ අරමුණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මැතිඇමතිකම් රෝසමල් යහනා නොවන බවත් රාජය පාලනය යනු සෞභාග්‍යය සම්පන්න ජීවිත ගත කිරිම නොව ජනතාව වෙනුවෙන් දූෂ්කර ක්‍රියා කිරීම බවත් ප්‍රතිපත්ති සම්පාදනය විද්‍යාත්මක ක්‍රමවේද හරහා ක්‍රියාත්මක කර රටට වැදගත් ප්‍රතිපත්ති ක්‍රියාවට නංවන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
කුඩා කාලයකින් සමාජයේ ජනප්‍රියත්වයට පත් වූ සමගි ජන බලවේගය ඉදිරි අනාගතයේ දී පොදුජන යුගයක් බිහි කරන බවත විපක්ෂ නායකවරයා පැවසීය.