උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

නුපන් දරුවන්ගේ සිට මව්පරපුර , තරුණ පරපුර , සිසු පරපුර , වැඩිහිටියන් අසීමිත පිඩනයකට අසහනයකට ලක්ව තිබෙනවා - සජිත්

‘‘වර්තමාන ක්‍රමය තුළ අයුක්තිය , අසාධාරණය , පලිගැනීම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම අසීමිත ලෙස බලය භාවිතා කරමින් ජනතාවගේ ඡන්ද බලය අහිමි කරමින් තමන්ගේ බලය රැක ගැනීමට පාලකයන් කටයුතු කිරීම හේතුවෙන් ජන සමාජය බරපතල අසාධාරණකම් වලට මුහුණ දී සිටිනවා.

අද රටේ ආදායම් සහ සම්පත් බෙදී යාමේ විෂමතාවයන් තිබෙනවා. ධනය බෙදී යාමේ විෂමතාවයන් තිබෙනවා. අද වනවිට දුප්පත්භාවය වැඩි වෙලා තිබෙනවා. රටේ හරි අඩක් ඉන්නේ දුප්පත් ජනතාව. මේ ජනතාවට කිසිදු විසදුමක් නෑ. නුපන් දරුවන්ගේ සිට මව්පරපුර , තරුණ පරපුර , සිසු පරපුර , වැඩිහිටියන් අසීමිත පිඩනයකට අසහනයකට ලක්ව තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයත් සමග ජනතා ආශිර්වාදයෙන් බිහිවන පොදුජන යුගය සමඟ සමස්ත රටම ශක්තිමත් කරන බොරු නොකියන ඇත්ත කතාකරන දුෂණය වංචාව තුරන් කරන යුගය ආරම්භ කරනවා.

අපි ආර්ථික පුනරුදයක් ඇති කරනවා. අද රටේ ආර්ථිකය සහ ජනතාව සිරගත කරලා තිබෙන්නේ. ක්ෂුද්‍ර ආර්ථිකය සහ සාර්ව ආර්ථිකය කොටු කරලා තිබෙනවා. රටේ පෝලිං යුගය අවසානයි , රටේ ප්‍රශ්න නෑ කියලා බොහෝ දෙනෙක් වේදිකාවලදී ප්‍රකාශ කරනවා. පෝලිං යුගය නැති කරලා තිබෙන්නේ මිල වැඩි කරලා , අසහනය වැඩි කරලා , සහන කප්පාදු කරලා , ජනතාවගේ ජන ජිවිතය කුඩා කරලා , ලැජ්ජ නැතිව කියනවා රට සාමාන්‍යකරණය වෙලා කියලා.

ජනාධිපතිවරයාට ඕනෑ තරම් රට සවාරි යනවා , ජනාධිපතිවරයාගේ ගජමිතුරන්ට ලාභ ප්‍රයෝජන ලබාදෙන්න කටයුතු කරනවා. ජනාධිපතිවරයාගේ වැඩ කටයුතු සියල්ල හොදින් සිද්ධ වෙනවා. නමුත් ලක්ෂ 220 ක් වන ජනතාව දුප්පත් භාවයෙන් තෙරපිලා මිරිකිලා සිටින්නේ. තුන්වේල කන්නේ නැති බහුතරයක් අද රටේ සිටිනවා. රටේ ජනතාව දුකින් මුදවන යුගය සැප්තැම්බර් 21 වැනිදා ජනතා ශක්තිය තුළින් බිහි කරනවා.

මෙහි දී ජනතාව ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී  මුජිබර් රහුමාන් මහතා,

‘‘2019 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂව බලයට ගේන්න එපා කියලා අපි කිව්වා. ඔහු අසාර්ථක රාජ්‍ය පාලකයෙක් කියලා අපි කිව්වා. නමුත් රටේ බහුතරයක් අපි කියපු දේවල් ඇහුවේ නෑ. ‍ගෝඨාභය රාජපක්ෂ රටේ ජනතාවට ඉන්න හිටින්න හොද රටක් හදයි කියලා රටේ බහුතරයක් ජනතාව හිතුවා. නමුත් අවසානයේ ගෝඨාභය රාජපක්ෂට ඉන්න හිටින්න රටක් නැති වුණා.

ගෝඨාභය රාජපක්ෂ අසාර්ථක ආර්ථික තීන්දු තීරණ ගත්තා ඒ වගේම කාබනික පොහොර භාවිතා කරන්න කියලා ගොවි ජනතාවගේ ආර්ථිකය විනාශ කරලා දැම්මා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂගේ ගජමිතුරන්ට බදු සහන ලබාදීලා රටේ සුබ සාධන ආර්ථිකය බිමට වට්ටලා දැම්මා. ඉන් පසුව විදුලි බිල , වතුර බිල , අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යද්දි ජනතාව පාරට බැහැලා උද්ඝෝෂණය කළා. ඒ උද්ඝෝෂණ හමුවේ රාජපක්ෂලාට බලය අත්හැරලා ගෙදර යන්න සිද්ධ වුණා. රටේ රාජ්‍ය නායකයා පන්නා දමපු ජනතාවක් තමයි අද රටේ සිටින්නේ.  ඒ ජනතාව සතුව තිබෙන බලාපොරොත්තු සහ අභිලාශයන් අධිකයි. ඒ ජනතාවගේ බලාපොරොත්තු සහ අභිලාෂයන් එක්ක පාලකයන්ට සෙල්ලම් කරන්න බෑ.

පාඨලී චම්පික රණවක මහතා, රුවන්වැල්ලේ ජනතාව හමුවේ ප්‍රකාශ කළේ  - ‘‘1815 මාර්තු දෙවැනිදා වගේම අදුරු අවස්ථාවක් 2022 අප්‍රේල් 12 අපට උදා වුණා. රටේ ස්වෛරී භාවය විදේශික ණය හිමියන්ට පාවා දුන්නා. අද ඒ විදේශික ණය හිමියන්ට අවශ්‍ය පරිදි ගනුදෙනු කරන රටක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා තිබෙනවා.  සැප්තැම්බර් 21 වැනිදා ජනතාව ඡන්දය ලබා දෙන්නේ සජිත් ප්‍රේමදාසට හෝ සමගි ජන සන්ධානයට පමණක් නෙවෙයි ශ්‍රි ලංකාව දෙවන නිදහස් අරගලයකින් නිදහස ලබාගැනීමේ සටනටයි.
රට බංකොලොත් කරලා රටේ ස්වෛරීභාවය අහිමි කරලා ජනතාව දුප්පත් කළේ , ව්‍යාපාර කඩා වැට්ටුවේ , තරුණයින්ට අනාගතයක් නැති කළේ ගෝඨාභය රාපක්ෂ , මහින්ද රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ කියලා ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් ලබාදීලා තිබෙනවා. නිසි දඩුවමක් ඔවුන්ට තමව ලැබිලා නෑ. නමුත් මහින්ද රාජපක්ෂගේ පුතා නාමල් රාජපක්ෂව බිංදුවට බස්සලා ජනතාවට පුලුවන් මහින්ද රාජපක්ෂට හොද දඩුවමක් ලබාදෙන්න. මහින්ද රාජපක්ෂලාගේ දේශපාලනය සැප්තැම්බර් 21 වැනිදා රටෙන් අතුගාලා දාන්න පුලුවන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී  මනෝ ගණේෂන් මහතා,  ‘‘රනිල් වික්‍රමසිංහ මැතිතුමායි එයාගේ ගෝලයෝ ටිකයි තැනිත් තැන කියනවා රට වැටිච්ච වෙලාවේ පෝලිම් යුගය තිබ්බ වෙලාව ඒ යුගය අවසන් කරා කියලා කියනවා. මිත්‍රවරැණි මේක පට්ටපල් බොරැවක්. මට හමුවුණා පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් මැතිතුමා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට භාර ගන්න කොට පොරොන්දු දෙකක්   දුන්නා. එකක් තමයි බලයට ආපසුව මාසයකින් ඇ.ඩො. මිලියන 6 ක් ලබා දෙනවා කියලා පොරෛාන්දු වෙලා තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රිවරැන්ට සම්පූර්ණ ආරක්ෂාව ලබා දෙනවා කියලා තියෙනවා. පෝලිම් ක්‍රමය නැති වුණේ රනිල්ගේ ණය නෙවෙයි. ඉ්නදියාවෙන් ලබා දුන්න මිලියන 4 න් තමයි ඉන්ධන, බෙහෙත්, ආහාර සහ පොහොර හිගය නැතිවුණේ. ඒක ලැබුණේ රනිල් වික්‍රමසිංහ නෙවෙයි. බොු කියන්න එපා.‘‘