උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

බලය ලබා ගැනීම නොවේ ඉලක්කය..ජනතාවට සේවය කිරීමයි - සජිත්

ප්‍රතිපත්තිගරුක දේශපාලන තුළ බලය ලබා ගැනීම ඉහළම සහ එකම ඉලක්කය නොවන බවට පෙන්වා දී ඇති බවත් ප්‍රශස්ත ප්‍රබුද්ධ සේවාවක් ඉටු කර ජනතා මතයට මුල් තැන දීම විශිෂ්ඨ රාජ්‍ය පාලනයක ගුණාංගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අද රටෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදය පදනමව ඇති ප්‍රධාන කුළුණු 3 සංවරණ හා තුලන ක්‍රමවේදය ගැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලියවී තිබුණත් ඒවා උල්ලංඝනය වන බවත් ප්‍රජාතන්ත්‍රවාදය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමූල ඝාතනයට ලක්ව ඇති ක්‍රමය වෙනස් කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්ථික අභිවෘද්ධිය ආර්ථික වර්ධනය ආර්ථික මරඋගුලින් ගොඩ ඒම අරමුණ බවත් ප්‍රධාන වශයෙන් විවිධ කාලවල ආර්ථික න්‍යායන් දෙකක් තිබූ බවත් අන්ත දක්ෂිණාංශික ධනවාදී ක්‍රමය මෙන්ම අන්තවාදී වාමවාදී සමාජවාදී ක්‍රමය තිබු බවත් සමගි ජන බලවේගය අනුමත කරන්නේ මේ දෙකම නොව මැද මාවත බවත් සංවෘත වැසුණු රට වටේම පවුරු බැඳගත් හුදකලාව රාජ්‍ය මැදිහත් වී පමණක් කේන්ද්‍ර කරගත් වාමාවාදී ක්‍රමයෙන් ධනය උත්පාදනය කළ නොහැකි බවත් අපරටට අවශ්‍ය වන්නේ සමාජ වෙළෙඳපොළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.