ජනතාවගේ දුක වේදනාව හඳුනන අනුර සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි - ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධිධිවිතානාච්චි
රනිල් වික්‍රමසිංහ මහත්තයා, ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා පාර්ලිමේන්තුවට කිලෝ මීටර 15ක් ඇති. එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. විජේරාම හන්දියේ ඉඳන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට එනකොට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් එනවා. කිලෝමීටර් 10ක් වැනි දුරක්. ඇම්බියුලන්ස් එක ගෙදර නතර කරලා තිබෙන්නේ. ඒ දවස්වල ශිරන්ති රාජපක්ෂ එහෙ මෙහෙ යනකොටත් පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් යනවා. දිනේෂ් ගුණවර්ධන ගෙදර ඉන්න කොට ඇම්බියුලන්ස් එක මිදුලේ. ගමේ ඉස්පිරිතාලෙ ඇම්බියුලන්ස් එකක් නැහැ. මෙන්න මේ නාස්තිය නතර කරන ආණ්ඩුවක් අපි මේ සැරේ හදනවා. මේ හොරකම් කරපු කෝටි ප්‍රකෝටි ධනය ආපසු අපි පවරා ගන්නවා. අපි කාගෙන්වත් පළිගන්නේ නැහැ. අපි ගම්වල දැන් හදලා තියෙනවා කොට්ඨාස සභා. දැන් අපි ඒ කොට්ඨාස සභා මෙහෙය වන්නේ ඡන්දෙ කරන්න. ඡන්දෙන් පස්සේ මේ කොට්ඨාස සභාව තමයි ගමේ සාමය පවත්වාගෙන යන්න වැඩකරන්නේ.
ලංකාවෙ ඡන්ද ඉතිහාසය කැත එකක්. ඡන්දෙන් පස්සේ පැරදුණු අයගේ ගෙවල් ගිනි තිබ්බා; පහර දුන්නා. ගැහැව්වා. ලංගමට වැඩට යන්න බැහැ; කළුතෙල්වලින් නාවනවා. පෙට්ට්‍රෝලියම් එකෙන් එළියට එන්න බැහැ; ගහනවා. හැබැයි අපි දිනුවට පස්සේ කිසිවෙකුට හිරිහැර කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි මොකටද ගමේ එකට ඉන්න මිනිස්සු එක්ක ගහ ගන්නේ. ඒ ගහගත්තු යුගය අපි ඉවර කරන්න ඕනෑ. ඡන්දෙ නුදුන්න අයත් අපි එකතු කර ගන්න ඕනෑ මේ රට හදන්න. අනෙකේ පක්ෂවලට කැන්වසින් ගිය කෙනත් අපි ඒ සඳහා එකතු කර ගන්න ඕනෑ. ඒ නිසා ඡන්දෙන් පස්සේ කිසිදු හිංසනයකට, අකටයුත්තකට අපි ඉඩ තබන්නේ නැහැ. හැබැයි නීතිය හරියට ක්‍රියාත්මක කරනවා. මහජන දේපොළ හොරකම් කරපු අය පරීක්ෂණය කරන අධිකරණය හමුවට පමුණුවනවා. ඒක පළිගැනීමක් නොමෙයි; යුක්තිය ඉටුකිරීමක්. කොල්ලකාපු මහජන දේපොළ රජයට පවරා ගැනීම පළිගැනීමක් නෙමෙයි. පොදු ජනයාට සාමය ගෙනෙන ආණ්ඩුවක්. ඡන්දෙන් පස්සේ කිසිදු ප්‍රචණ්ඩ වැඩක් නොකරන ආණ්ඩුවක්. ඒ වගේම වංචනිකයන් දූෂිතයන්, අපරාධකරුවන් නීතිය හමුවට පමුණුවන ආණ්ඩුවක් තමයි ජාතික ජන බලවේගය ගොඩනඟන්නේ.
ජනතාවගේ දුක වේදනාව හඳුනන අනුර සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධදාස විතානාච්චි මහතා සිය කතාවේ දී පැවසුවේ, ඕස්ට්‍රේලියාවේ පහුගිය කාලේ ඉඳලා මම ආවේ, අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති කරවන්න කියලා මේ රටේ යුක්තිසහගත මිනිසුන්ගෙන් ඉල්ලා සිටින්නයි. මට ඊට සුදුසුකම් හොඳට තිබෙනවා. ඔබ සියලු දෙනා ශාප කරන 76 අවුරුද්දේ මම ජීවත්වෙලා තියෙනවා. ඒ නිසා පසුගිය දශකවල ලංකාවේ සියලු අත්දැකීම් මම අත්විඳලා තියෙනවා. මම 1965 ඉඳන් ඡන්දය පාවිච්චි කරලා තියෙනවා. තුන්වේල කන්න නැති රටක්, බංකොලොත් රටක්, ලෝකෙට ණය වෙච්ච රටක්, දහ අතේ ණය වෙමින් අභිමානය ගැන කථා කරන මෝඩ පාලකයන් ඉන්න රටක් අපිට උරුම වුණේ ඇයි කියලා මම කල්පනා කළා.
ඇයි මම ජාතික ජන බලවේගයට ඡන්දය දෙන්නේ? ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයාව ජනාධිපති කරන්න ඕනෑ නිසයි. මම 1982 අවුරුද්දෙ කථා කළේ රෝහණ විජේවීර සහෝදරයා දිනවන්න. අපි පැරදුණා. හැබැයි අවුරුදු 42 ට පස්සේ අපි මේවර ස්ථිර වශයෙන්ම අපේ පංතියේ මිනිහෙක්ව අපේ පාලකයා බවට පත්කරනවා. ජනතාව ලොකු වැරැද්දක් කළා. මේ අවුරුදු 76 දී ම ඔබලා, පාලකයා ලෙස පත් කර ගත්තේ අපේ පංතියේ මිනිහෙක් නොවෙයි. විවිධ පක්ෂවලින් විවිධ පාටවලින් විවිධ පංතිවලින් නායකයෝ ආවාට ඔබලාගේ වුවමනාව ඉෂ්ට වුණේ නැහැ. ඔබලා තෝරා ගත්තේ ප්‍රභූ යැයි සැලකූ පුද්ගලයන්. දැන් එය වෙනස් කළ යුතුයි. මහ පොළොවත් එක්ක හැප්පෙන, ඔබගේ රැහේ එකෙක් පත් කර ගන්න අවස්ථාව එනවා ලබන 21 වැනිදාට.
1982 සිට මේ දක්වා ඔබගේ ඡන්දයෙන් ගිය මිනිස්සු ‘උතුමාණන්ලා’ වුණා. ‘ශ්‍රීමතාණන්ලා’ වුණා. සිංහාසන හදා ගත්තා. රජවරු බවට පත් වුණා. අපි අපේ පංතියේ මිනිහෙක් පාලකයා බවට පත්කර නොගත්ත නිසා තමයි මේ ශාපයට ප්‍රධාන හේතුවක් වුණේ. ඒ නිසා මහජන ආණ්ඩුවක් ඇතිකර ගන්න නම් ඔබ අතරම ඉපදුණු, ඔබලා වගේ දුක්වින්ද, ඔබලාගේම පංතියේ දුක වේදනාව හඳුනන අනුර කුමාර දිසානායක සහෝදරයා රටේ ජනාධිපති කළ යුතුමයි. 1982 සිට මේ රට පාලනය කළ හැම ජනාධිපතිවරයෙක්ම මම පෞද්ගලිකවත් දන්නවා. රූපවාහිනී නිවේදකයෙක් හැටියට කටයුතු කළ නිසයි ඔවුන් කළ අපරාධ, දූෂණ, හොරකම් මම හොඳට දන්නේ. අතීතයට ශාප කිරීමෙන් අපේ තිබෙන ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. අතීතයේ අපේ තිබූ අමනකම්, මෝඩකම්වලින් පාඩම් ඉගෙන ගෙන මේවර වඩා බුද්ධිමත්, නිවැරදි අදූෂිත පාලකයෙක් පත්කර ගන්න අපි තීන්දු කරන්න ඕනෑ. මේ වන විටත් ජාතික ජන බලවේගයට එකතු වුණේ නැති, හිතවත් නැති සහෝදර සහෝදරියන්ටත් මම යමක් කියන්න ඕනෑ. මේ රට මේ විදිහට විනාශ කිරීම ඇරඹුනේ 1977න් පසුයි. ධර්මිෂ්ඨ සමාජයක් හදන්න කතා කරලා ධර්ම චක්‍රය පොලීසියේ ලාංජනය කරලා අන්තිමට ධර්ම චක්‍රයේ දාලා ඔබගේ දරුවෝ 60,000 ක් පමණ මේ පාලකයෝ විනාශ කර දැම්මා.
ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආනන්ද විජේපාල මහතා ද මෙහි දී කථා කළේ ය.