උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

අනුර මල්වතු - අස්ගිරි මා හිමිපාණන් වහන්සේලා බැහැ දකී

ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා අද (16) පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේදී සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහ නායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මා නාහිමි ද, මල්වතු පාර්ශ්වයේ අනු නායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිද හමුවිය.

අනුර කුමාර දිසානායක මහතා අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන මාහිමි පාණන්හි වහන්සේ ද ද බැහැ දිටී ය.

අනුර කුමාර දිසානායක සහෝදරයා අද (16) පස්වරුවේ අස්ගිරි මහා විහාරයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි හමුවිය.

රට තුළ පවතින දේශපාලන තත්වය පිළිබඳව මහා නායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය සමග සාකච්ඡා කළ අනුර කුමාර දිසානායක මහතා, එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් උන්වහන්සේලාගේ  ආශීර්වාද ලබා ගත්තේය.

මේ අවස්ථාව සඳහා ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ලාල්කාන්ත මහතා ද එක්ව සිටියේය. මේ ඒ අවස්ථාවේ සටහන්.