කෝටි තුනක් ජනක රත්නායකගෙන් ගත්තු පක්ෂයේ ලේකම් හා පිරිසක් කොටු වේ
එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම්වරයා ඇතුළු එහි නිලධාරීන් අට දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (14) රාජගිරියේ දී අත්අඩංගුවට ගන්නා ලදි.
ඒ එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සේ ඉදිරිපත්ව සිටින හිටපු මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ගෙන් රුපියල් කෝටි තුනක මුදලක් අල්ලස් සේ ලබා ගනිද්දී ය.
ජනක රත්නායක මහතාට පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය දීමට එහි ලේකම්වරයා විසින් රුපියල් කෝටි තුනක මුදලක් ඉල්ලා සිටීම ගැන රත්නායක මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන්ට කරන ලද පැමිණිල්ලක් අනුව ක්රියාත්මක වීමෙනි.