උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජාජබ යේ මර්දනයේ හස්ථය මහින්ද ගේ හිස මතින් ඇරඹේ?

අද අරුණට! හෙට?

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ  සහතිකයට අමතරව, මහජන ආරක්ෂක කමිටුවේ සභාපතිවරයාගේ සහතිකයක් ද පොලිස් වාර්තා ලබා ගැනීම සඳහා අවශ්‍ය බව සඳහන් පුවතක්, අරුණ පත්තරේ පළ කිරීම නිසා එහි කතුවර  මහින්ද ඉලේපෙරුම මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බව සඳහන් පුවත ගැන අදහස් පළ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී,  නාමල් රාජපක්ෂ මහතා මෙය මේ ආණ්ඩුවේ මර්දනය පිළිබඳ හොඳම සාක්ෂියක් බව  පවසයි. 

අරුණ පුවත්පතේ කතුවර  මහින්ද ඉලේපෙරුම මහතා අපරාධ පරීක්ශණ දෙපා‍ර්තමේන්තුවට  කැඳවීම යනු සමස්ත මාධ්‍යවේදීන්ට ම කරන අනතුරු ඇඟවීමක්  මෙන් ම මේ මොවුන් මාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන බවත් තමන් දකිනා බවත්, ආණ්ඩුව මාධ්‍ය මර්දනයට අත පෙවීම් තමා තරයේම හෙළා දකින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ  මන්ත්‍රීවරයා සඳහන් කළේ ය.
මාධ්‍ය මර්දනයටත් ආණ්ඩුවේ පටු අරමුණු ඉටුකර ගැනීමටත්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  යොදා ගැනීම ඉතා කණගාටුදායක බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත්  කී ය.