උණුසුම් පුවත්ක්‍රීඩා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ නව සභාපතිවරයා ලෙස අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන පත්කරයි.

පත්වීම අනිද්දා සිට ක්‍රියාත්මකයි.

ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර්     ධර්මවර්ධන මහතා ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ අභියාචනා මණ්ඩලයේ සාමාජිකයෙකි. මීට අමතරව, ක්‍රීඩාවේ දූෂණ හා තරඟ පාවාදීම් වැළැක්වීම සඳහා නව නීති කෙටුම්පත් කිරීම ඇතුළු නීතිමය කටයුතු සම්බන්ධයෙන් ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

1994 දී නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ එස්. ඩී. එස්. ජී. ධර්මවර්ධන 2002 - 2009 දක්වා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරයා වූ අතර අන්තර් සම්බන්ධතා රෙගුලාසි කෙටුම්පත් කර 203 ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ද්වාරය ලිහිල් කිරීම සම්බන්ධයෙන් නියාමන ක්‍රියාවලියට සහාය විය.

ධර්මවර්ධන මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ විදුලි සංදේශ නීතිය, තොරතුරු තාක්ෂණය සහ ගුවන් නීතිය පිළිබඳ අධීක්ෂකවරයා වූ අතර ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ නීති සහ විදුලි සංදේශ රෙගුලාසි කෙටුම්පත් කිරීමට දායක විය.

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ ආදි සිසුවකු වන ඒ. එස්. ජී.  ධර්මවර්ධන මහතා සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයෙන් නීතිපති උපාධියක් (LLM) ලබා ඇත. ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් බේරුම්කරණ මධ්‍යස්ථානයේ (KLICA) විනිශ්චයකරු ලෙස පත්වීමක් ලද්දෙකි. එමෙන් ම ඔහු KLICA හි ක්‍රීඩා බේරුම්කරණය හදාරා ඇත්තෙකි.

2019 පෙබරවාරි 21 වන දින, චීනයේ ෂෙන්සෙන් ජාත්‍යන්තර බේරුම්කරණ අධිකරණය විසින්  ධර්මවර්ධන එහි බේරුම්කරුවන්ගේ මණ්ඩලයට පත් කරන ලදී.