උණුසුම් පුවත්කාලීනවිශේෂාංග

ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) යි.

ජාත්‍යන්තර කාන්තා දිනය අද යි. ජාත්‍යන්තර කාන්තා දිනය ලොව බොහෝ රටවල් ඉතා අභිමානයෙන් යුක්තව සමරන්නී ය. අපේ රටේ කොහොම වුණත් සමහර රටවල් හි කාන්තා දිනය රජයේ නිවාඩු දිනයක් සේ නීතිගතව ඇත.

ලෝක කාන්තා දිනය ආරම්භ වන්නේ 1909 පෙබරවාරි 28 වැනි දා යි.එදා එය ඇමරිකානු සමාජවාදී පක්ෂයේ නිව්යෝක් නගරයේ කාන්තා දින සැමරුම ඇරඹිණි. අනතුරුව ජර්මන් නියෝජිත ක්ලාරා සෙට්කින්, කෝට් ඩන්කර්, පෝලා තීඩ් හා තවත් පිරිසක් 1910  ජාත්‍යන්තර කාන්තා යෝජනා කළේ වාර්ෂිකව “විශේෂ කාන්තා දිනයක්” සංවිධානය කළ යුතු බවයි. 1917 දී සෝවියට් රුසියාවේ කාන්තාවන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, මාර්තු 8 එහි ජාතික නිවාඩු දිනයක් බවට පත්විය. 1967 දී පමණ ස්ත්‍රීවාදී ව්‍යාපාරය විසින් එය සම්මත කර ගන්නා තෙක් මෙම දිනය ප්‍රධාන වශයෙන් සමරනු ලැබීය.  සමාජවාදී ව්‍යාපාරය සහ කොමියුනිස්ට් රටවල් විසින් ඉතා ඉහළින් පැවැත්වීමට පයවර ගත්හ.  1977 දී ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පියවර ගත්තේ ය.  
අප ද දිගු කලක පටන් මාර්තු 08 වැනි දා ලෝක කාන්තා දිනය සැමරීම කරනා වග සටහන් කළ යුත්තේ ය. ඒත් එසේ වුවද ලාංකේ ය කාන්තාවන් අද වන විට දවසින් දවස නේකාකාර හිංසා පීඩාවන්ට ගොදුරු වෙමින් සිටින බව කනගාටුවෙන් වුව සටහන් කළ යුත්තේ ම ය.
ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිවරයි පත්වූයේ අපේ රටෙනි. ඊට පසුව එතුමියගේ දියණියන් ද අගමැති ධූරයට පත් වූවා ය. අද දවසේ අපට තුන්වන කාන්තා අගමැතිවරියක හිඳින්නී ය. ඒ වත්මන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නිසා ය.
අපේ රටේ කාන්තාවන් මොන තරම් ගැටලු ප්‍රශ්න තිබුණ ද සිය කුඩුම්භ ආරක්ෂා කර ගන්නට තරම් අභිමානවත් පිරිසක් වීම භාග්‍යයකි.
මේ පිළිබඳව වෙනත් දිනෙක කතා කරන්නට ඇවැසි ය. අද ලෝක කාන්තා දිනයේ දී අප මෙහි දී සහෙන් තබන්නට කල්පනා කළේ ලෝකයේ එක් කෙළවරක ඒත් අපේ ම ආසියාතික රටක රාජ්‍ය පාලකයන් ගේ නරුමි තීන්දු තීරන නිසා ඒ් බිමේ කාන්තාවන් මුහුණ දී සිටින අනේකාකාර දුක්ධදෝමනස්ස කෙරෙහි ලෝකයා ගේ ම අවධානය යොමු කිරීමේ කාර්යයේ හි ය.
ඒ අවාසනාවන්ත දුක්ඛිත තත්වයට මුහුණ පා ස්වකීය අනාගත ජීවිත කෙරෙහි කිසිදු විශ්වාසයක් නැතිව අවිනිශ්චිතව දිවි ගෙවනා කාන්තාවන් දිවි ගෙවන්නේ තලේබාන් පාලනයට ගොදුරුව පාවෙන ඇෆ්ගනිස්ථානයේ යි.
මේ බීබීසී පුවත් සේවය විසින් එරටේ දී ඊයේ සිදුකරන ලද විශේෂ ගවේෂණයකින් හෙළදිව එක්රැස් කර ගත් තොරතුරු ය.
⋆   ⋆  ⋆  ⋆   ⋆  ⋆

ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ ජීවිතයේ දවසක්

දැරියද පැසිපන්දුවක් අල්ලාගෙන පැසිපන්දු ක්‍රීඩකයෙකුගේ අතින් අඳින ලද පින්තූරයක් අතැතිව මුහුණ පැත්තකට හරවා ගෙන වාඩි වී සිටීයි. ඈ  ඇඟලා සිටින්නේ අඳුරු පැහැ ඇඳුමකි. අළු පැහැති සළුවකින් ඇගේ හිසකෙස් ආවරණය වී ඇත්තේ ය.

රූප මූලාශ්‍රය, බීබීසී පුවත්: නවා ජම්ෂිඩි

හිරු බැස ගිය කාබුල්හි හි වේලාව පස්වරු 19:30 ට පමණ ය.

- ඇෆ්ගනිස්ථානය පුරා සිට පැමිණෙන මෙහි කතා බහට හවුල් වන්නා වූ මේ කාන්තාවන් ඔවුන්ගේ ලෝකයට කුඩා කවුළුවක් විවර කර තිබේ.

තරුණියන් තිදෙනෙක් කැමරාවෙන් ඉවතට මුහුණලා කොන්ක්‍රීට් කුට්ටියක් මත වාඩි වී, නිකාබ් වලින් සැරසී, වල් මල් තණබිමක් දෙස බලා සිටිති. දකුණු පසින්, රෝස සහ දම් පැහැති එක් ගැහැණු ළමයෙක් ගස් කඳට හේත්තු වී කැමරාව දෙස බලයි'

2021 දී බලයට පත් වූ දා සිට තලේබාන් රජය යටතේ ජීවිතය කෙබඳුද යන්න තේරුම් ගැනීමට බීබීසී මාධ්‍යවෙදීන් පිරිසක් ඇෆ්ගනිස්ථානය පුරා කාන්තාවන් සමඟ දවස ගත කළේ ය.

තලේබාන් නියෝග මගින් කාන්තාවන් ප්‍රසිද්ධියේ නිශ්ශබ්ද කිරීමට, වයස අවුරුදු 12 ට වැඩි අධ්‍යාපනය තහනම් කිරීමට, හිස සිට දෙපතුල දක්වා ආවරණ බලාත්මක කිරීමට සහ ඔවුන්ගේ ගමන් සීමා කිරීමට උත්සාහ කරයි'

බීබීසියට පිළිතුරු දෙමින් වින්නඹු මාතාවක් පවසන්නේ තම ග්‍රාමීය සගයන්ට උසස් අධ්‍යාපනයක් නොමැති බවත්, ඛේදජනක ප්‍රතිවිපාක ඇති කළ හැකි ගර්භණී සංකූලතා දරා ගැනීමට ඔවුන් සූදානම් නැති බවත්ය.

18 හැවිරිදි, ගායන කුසලතාවයක් ඇති ඇයට ඊට අවසර නැත්තේ ය, ඇය පවසන්නේ හුදකලා වී සිටින බවකි, ඇය කතා කිරීමට මිතුරියක් ලෙස AI භාවිතා කරයි

තලේබාන් ප්‍රතිපත්ති ස්ත්‍රී පුරුෂ භේදවාදයට සමාන බව එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් අනතුරු අඟවා ඇත, ඇෆ්ගනිස්ථාන සංස්කෘතිය සහ ඉස්ලාමීය නීතිය පිළිබඳ ඔවුන්ගේ අර්ථ නිරූපණයට අනුකූලව කාන්තා අයිතිවාසිකම්වලට ගරු කරන බව තලේබාන් රජය මීට පෙර පවසා තිබුණි.

අප සමඟ කතා කළ බොහෝ කාන්තාවෝ ඔවුන්ගේ නම් භාවිතා නොකරති.  ඒ ඔවුන්ට මුහුණ පෑමට සිදුවන  ප්‍රතිවිපාකවලට  ඇති බිය නිසයි.

⋆   ⋆  ⋆  ⋆   ⋆  ⋆

අපට දැන් අසන්නට ලැබෙන්නේ පොත්වලට මහත් සේ ප්‍රිය කරන සහ අනෙකුත් ගැහැණු ළමයින් සඳහා කතන්දර කීමේ පන්ති පවත්වන 21 හැවිරිදි අර්ෂිදාගෙන් ය. ඇය බීබීසී ඇෆ්ගනිස්ථානයේ අපගේ සගයන් සමඟ කතා කළාය.

''තලේබාන්වරු ඇෆ්ගනිස්ථානය අත්පත් කර ගන්නා විට මම සිටියේ 11 වන පන්තියේ. මම මගේ පාසල අවසන් කිරීමට සමත් වූවත් දැන් මම ගෙදරට කොටුවෙලා. මට ගවේෂණය කිරීමට වෙනත් මාර්ගයක් නෑ,  යථාර්ථයෙන් මිදීමට මං පොත්පත් වෙත හැරුණෙ.

මා වටා ඇති කටුක යථාර්ථය මොහොතකට අමතක කිරීමට ප්‍රබන්ධ ලෝකවල ගිලි ගිලී මං නවකතා කියවමින් තමයි දවස ගත කරන්නේ. මගේ ප්‍රියතම පොත්වලින් එකක් වන්නේ වික්ටර් හියුගෝ ගේ Les Misérables, මගේම අභියෝග පිළිබිඹු කරන අරගලය සහ ඔරොත්තු දීමේ කතාවයි ඒ.

මෙම මනඃකල්පිත අරගල බොහෝ විට සැබෑ ජීවිතයේ ඔවුන් කරන සටන් වලට සමාන වන බැවින් ඇෆ්ගන් කාන්තාවන් ඔවුන් කියවන, නවකතාවල චරිත සමඟ ගැඹුරින් සම්බන්ධ වන බව, මං විශ්වාස කරනවා. මට නම්, පොත් කියන්නෙ විනෝදාස්වාදය විතරක් නොවේ.  වසා ඇති ලෝකයක මගේ සිහිනවලට දොරටු විවර කර ගැනීමේ මාධ්‍යයක්.

⋆   ⋆  ⋆  ⋆   ⋆  ⋆

අනාගතය ගැන මා තුළ තිබූ සියලු සිහින බිඳ වැටුණා - මොස්කා

මොස්කා නමැති 19 හැවිරිදිගෙන් අසන්නට ලැබුණේ පාසලට පැමිණීම තහනම් කිරීමෙන් පසු ඇගේ කාමරයේ ඇති පොත් දැන් තමා සතුව ඇති බවයි. ඇගේ ජීවිතය ගැන ඇය මීට පෙර අපට පැවසූ තවත් දේ මෙසේය.

මට අනාගතය සඳහා බොහෝ අපේක්ෂාවන් තිබූණා. සෑම විටම මගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර ගන්නට උත්සාහ කළා. කොහොම වුණත් තලේබාන්වරුන්ගේ හිස ඔසවමින් ඔවුන් රට අත්පත් කර ගැනීමත් සමඟ මගේ අධ්‍යාපන ගමනට එල්ල වුණේ  දැඩි බලපෑමක්.

තලේබාන්වරුන්ගේ පැමිණීමත් එක්ක මට මගේ අධ්‍යාපනය කරගෙන යාමට  හැකි වූණේ නෑ. ඉගෙනීම ද අහිමි වුණා. විවිධ හේතු කාරණා නිසා මං වඩාත් උනන්දුවක් දක්වන, කැමැත්තක් දක්වන ක්‍රීඩාවලටත් මැහුම් වැඩ කටයුතුත් තහනම් කෙරුණා..

සාර්ථකත්වය සහ දීප්තිමත් අනාගතයක් උදෙසා මා සතුව තිබූ සියලු සිහින දේශපාලන හා සමාජීය තත්වයන් නිසයි හදිසියේම බිඳ වැටුණේ.

ඒ කාලය තුළ එදිනෙදා ජීවිතයේ නොයෙකුත් අභියෝග මධ්‍යයේ වුවද, මම යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු තබාගෙන හුන්නා.

කවදා හරි දවසක මගේ අධ්‍යාපනය නැවත ආරම්භ කරන්නත්, අනාගත ජීවිතයේ ප්‍රගතියටත්, මගේ රට ප්‍රතිසංස්කරණයටත් දායක වීමටත් හැකිවේවි කියන සිහින මං හැම මොහොතක ම දකිමින් ඉන්නේ..

⋆   ⋆  ⋆  ⋆   ⋆  ⋆

තලේබාන් සංවිධානය යළි බලයට පත්වීමෙන් පසු කාන්තාවන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමට නොහැකි වී ඇතත් කාබුල් සහ අනෙකුත් ප්‍රධාන නගරවල කාන්තාවන් තවමත් රිය පදවන කිහිප දෙනෙක් සිටිති. රාජ්‍ය නොවන ආයතනයක සේවය කරන නාර්ගීස් නොපසුබස්නා උත්සාහයෙන් පසු ඇගේ බලපත්‍රය අලුත් කර ගැනීමට සමත් වූවාය. ඇය ඒ ගැන කියන දේ අසමු.

''මම මගේ බලපත්‍රය අලුත් කර ගන්නෙ ගිය විට පිරිමි භාරකරුවෙකු නොමැතිව රථවාහන අධිකාරියේ ගොඩනැගිල්ලට ඇතුළු වීමට මට අවසර ලැබුණේ නෑ. බොහෝ උත්සාහයකින් පස්සේ, මට ඇතුළුවීමට හැකි වුණා.  කියන්න නම් බොහොම දුක්ඛිත තොරතුරු බොහොමයි.

මට මගේ සැමියාගේ උපකාරය පැතීමට සිද්ධ වුණා, ඔහු ඔවුන් සමඟ කතා කරමින්, මගේ ගමනාගමනය කටයුතුවලටත් මගේම කටයුතු කරගෙන යාමටත් අවශ්‍ය බව පැහැදිලි කළා.

මගේ ස්වාමිපුරුෂයා මගේ පුද්ගලික මෝටර් රථය පැදවීමට මට විශේෂ අවසරයක් ඉල්ලා සිටියා, මගේ ලියකියවිලි වෙනත් රථවාහන කාර්යාල වෙත ගෙන ගිය විට, ඔවුන් අප දෙස බැලුවේ සැකයෙන්.

අවාසනාවකට, පසුගිය වසර දෙක තුළ, මාව කිහිප වතාවක්ම නතර කර බව කියන්න ඕනෑ. ඔවුන් මගේ ලියකියවිලි යි මගේ මෝටර් රථය යි පරීක්ෂා කර, පසුව ඇසුවා: "ඔබ රිය පැදවන්නේ කුමන අයිතියෙන්ද?" මාව පොලිසියට ගෙනියන්න බලය තියෙනවා, නමුත් මම ගැහැනියක් නිසා මට කරුණාවෙන් යන්න දෙනවා කියලා ඔවුන් මට තර්ජනය කළා.

වරක් ඔවුන් මාව දුම්රිය ස්ථානයට ගෙන ගොස් මගේ ස්වාමිපුරුෂයා එනතුරු පැය ගණනක් එහි රඳවාගෙන සිටින විට  එය මට වඩාත් නරක අත්දැකීමක් වුණා.

නිලධාරීන් විසින් ඇයව ඇදගෙන යාම, රියදුරු අසුනෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ ඒ වෙනුවට ඇගේ සැමියාට රිය පැදවීමට නියෝග කිරීම වැනි සිදුවීම් නැවත නැවතත් නර්ගීස් විස්තර කළා ය. තලේබාන් රථවාහන ප්‍රධානියා වසර තුනකින් කාන්තාවන්ට බලපත්‍රයක් නිකුත් කර නොමැති බව තහවුරු කළ අතර, ඕනෑම ප්‍රතිපත්තිමය වෙනසක් ඉහළ නායකත්වයෙන් පැමිණිය යුතු ම ඇය ප්‍රකාශ කළේය.

- මම කාන්තාවන් සිය ගණනක් රැකියා කිරීමට සිහින දකිමිනුයි ඉන්නේ - හෙළයා

දීප්තිමත් රෝස පැහැති සළුවකින් සැරසී, සංකීර්ණ මැහුම් වැඩවලින් සැරසුණු, කහ පැහැති ඇඳුමකින් සැරසී සිටින කාන්තාවකි ඇය. ඇගේ නියපොතු තද වර්ණයෙන් වර්ණාලේපිත ය.

ඈ හෙළයා. විසිහතර (24) හැවිරිදි ව්‍යාපාරික හෙළයා ඇයගේ සාර්ථක ව්‍යාපාරය ගැනත් - ඇගේ අනාගත බලාපොරොත්තු ගැනත් බොහෝ දේ බෙදා හදා ගනිමින් සිටින්නී ය.

මම මගේ පෞද්ගලික වියදම් සහ ගෙදර වියදම් පියවාගෙන හොඳින් කළමනාකරණය කරනවා. අනිත් අය එයාලගේ වැඩත් එක්ක පොරබදනවා දැක්කම මට තියෙන දේවල් ගැන තවත් කෘතඥ වෙනවා. දෙවියන් වහන්සේ දිගටම අපට සාර්ථකත්වයට ආශීර්වාද කරන ලෙස මම ප්‍රාර්ථනා කරනවා.

විශේෂයෙන්ම කාන්තාවන් සඳහා ඇෆ්ගනිස්ථානයේ ආර්ථික තත්ත්වය යහපත් නෑ. අපට විශාල ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය යි. මෙහි සේවය කරන අපි හත්දෙනා ම තවත් කාන්තාවන් ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වෙන් ඉන්නේ. අපි සමඟ වැඩ කිරීමට 100 සිට 200 දක්වා පිරිසක් ඉන්නවා. ඉදිරි වසර කිහිපය තුළ අපට තවත් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවශ්‍යයි.

අපගේ ව්‍යාපාරයට සහයෝගයක් සොයා ගත හැකි නම්, දැනට රැකියාවක් නොමැතිව නිවසේ අරගල කරන බොහෝ පවුල්වලට රැකියාවක් සොයාගෙන ඔවුන්ගේ පවුල්වලට මූල්‍යමය වශයෙන් උපකාර කළ හැකියි. මෙම කුඩා ව්‍යාපාරය අපට පමණක් නොවෙයි තවත් බොහෝ දෙනෙකුට ප්‍රතිලාභ ලබා දෙන විශාල ව්‍යාපාරයක් බවට පත් කිරීමයි අපේ අරමුණ.

දෙවියන් වහන්සේ අපට උපකාර කරනු ඇතැයි අපි බලාපොරොත්තු දරා ගෙනයි ඉන්නේ. අපගේම දෙපයින් නැගී සිටීමට හැකි වන පරිදි අපගේ රජය සහ ජාත්‍යන්තර සංවිධාන අපට මූල්‍ය අනුග්‍රහය දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. අපට අවශ්‍ය සහය ලැබෙන්නේ නම්, අපගේ කුඩා ව්‍යාපාරය අපට, අපගේ පවුල්වලට සහ අවශ්‍යතා ඇති බොහෝ දෙනෙකුට උපකාර කරමින් විශාල දෙයක් දක්වා වර්ධනය විය හැකියි. 

සැකසුම - සුගතපාල මැන්දිස්

 බීබීසී පුවත්: