ආරක්ෂකඋණුසුම් පුවත්දේශපාලන

ජාතික ආරක්‍ෂාව බිඳ වැටී නෑ – මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල

මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා.

අධිකරණයේ වූ අවාසනාවන්ත සිදුවීම ගැන කණගාටුව පළ කරනවා. පසුගිය දින කිහිපය පුරා සිදු වූ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුම් වාර්තා වුණා. මේ ගැන රජය බරපතල තීන්දු ගෙන තිබෙනවා. ඊයේ දිනයේ වෙඩි තැබීම කළ සැකකරු අඩංගුවට ගැනීමට හැකි වුණා. ඔහු මහරගම පදිංචි සමිඳු දිල්ෂාන් නැමති අයෙක්. විමර්ශන දිගින් දිගටම කරනවා.ජාතික ආරක්ෂාවට කිසිදු බාධාවක් එල්ල වී නැහැ. මේවා තැන තැන සිදුවන පාතාල ක්‍රියාකාරකම්"

මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය. 

ඒ ජාතික ආරක්ෂාව පිළිබඳව උද්ගතව ඇති තත්වය ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඊයේ (19) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණාාාාාාාාාාභ්‍ සිදු කරන ලද වෙඩි තැබීමෙන්න්ත පාතාල නායකයකු සේ හැඳින්වෙන ගණේමුල්ලේ සංජීව නමැත්තා මරා දැමීම නිසා රට තුළ උද්ගතව ඇති තත්වය ගැන පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ අවස්ථාවේ ඊට පිළිතුරු දෙමිනි. 

ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියන උදවියගේ කාලේ මාධ්‍ය ආයතන ගිනි ගත්තා. ඝාතනය වුණා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරු තවත් ඝාතන කීපයකට සම්බන්ධ බවට කරුණු අනාවරණය වී තිබෙනවා. තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස දක්වන්න බෑ.

මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේ ආරක්ෂාව තහවුරු කරන්නට අප කටයුතු කරනවා. මේ සියල්ලක්ම විමර්ශනය කොට වැරදි වලට සම්බන්ධ අය නීතිය ඉදිරියට ගේනවා”

ඊයේ සිදුව ඇත්තේ පාතාල කල්ලි සාමාජිකයන්ගේ ක‍්‍රියාවක් පමණක් බවත් ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේදී ගණේමුල්ලේ සංජීව ඝාතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවසීය.

වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු මහරගම දඹහේන පාරේ පදිංචි සමිඳු දිල්ෂාන් පියුමංග කඳනආරච්චි ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු ගමන් කළ වෑන් රථය රියදුරු සමග අත්අඩංගුවට ගෙන ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.