උණුසුම් පුවත්කාලීනදේශපාලන

ජාතික නිදහස් පෙරමුණ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරියේ

සමස්ත සමාජ දේහය ම සිඳ බිඳ දමනා නරුම පනත ඉල්ලා අස්කර ගනිව්!!

''අපේ දරු පරපුර වනසන දණ්ඩ නීති සංග්‍රහයට මේ තුච්ච නීතිය මේ නරුම නීතිය මේ අවලම් නීතිය වහාම ඉල්ලා අස්කර ගන්නා සේ ජාතික ජන බලවේගය ආණ්ඩුවට බලකරන්නට යි  ජාතික නිදහස් පෙරමුණේ අපි මේ ඉසුරුපායේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මූලස්ථානය ඉදිරිපිටට ආවේ. අගමැතිනි හරිනි අමරසූරිය, සාවිත්‍රි පෝල්රාජ්, ඒ වගේ ම හර්ෂණ නානායක්කර ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අපේ රටේ සංස්කෘතිය බිඳ දමන, සමාජය බිඳ දමන, පවුල බිඳදමන අවසාන ඇණය ගහන්න තමයි මේ ලකලෑස්ති වෙන්නේ.

මේ උද්ඝෝෂණයේ දී ජාතික නිදහස් පෙරමුණේ ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේ ය. හේ වැඩිදුරටත් අදහස් දක්වමින්,

අපේ දරුවන්ගේ හිංසනය නැවැත්වීමේ නාමයෙන් මේ ගේන්නේ අන් කවරක්වත් නෙවෙයි මේ ගුරු දෙගුරුන්ට භීෂණයක්. හිංසනය නැවැත්වීමේ නාමයෙන් මේ එන්නේ භීෂණයක්.

ගුරුවරුන්ට ළමයින් සම්බන්ධයෙන් තියෙන බලපෑම නවත්තලා දෙමව්පියන්ට ළමයින් සම්බන්ධයෙන් තියෙන බලපෑම නවත්තන්න, අපේ පාසල් පද්ධතිය වනසලා, එමඟින් දරුවෝ මරුවෝ කරලා පවුල බිඳ වට්ටලා මුළු මහත් සමාජය ම බිඳ වට්ටලා නරුම සමාජයක් හදන්නයි මේ රාජ්‍ය නොවන එන්ජීඕ ඩොලර්වලට යටවෙලා හරිනි අමසූරියලා මේ තතනමින් ඉන්නේ.

අපි බලකරනවා හරිනිලට අද ගුරුවරුන්ගෙන් විරෝධය එනවා, දෙමාපියන්ගෙන් විරෝධය එනවා, මහා සඟරුවණෙන් විරෝධය එනවා, අන්‍යාගමික පූජකවරුන්ගෙන්, කාදිනල් තුමන්ගෙන් විරෝධය එනවා. දසතින් ම විරෝධය එනවා. මේ රට ම නරුමත්වයට ගෙනියන රට ම තුච්චත්වයට ගෙනියන රට ම මහා අවලං සහගත සංස්කෘතියකට ගෙනියන මේ නරුම නීතිය වහා ඉල්ලා අස්කර ගන්න ඕනෑ. එහෙම නූණොත් මීට විරුද්ධව රට ම එක පෙළට ගොනුවී උඹලගෙ බලය කම්මුතු කරන දිසාවට මෙහෙයවනවා කියන එක වළක්වන්න බෑ" යනුවෙන් මෙහිදී ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ ය.