අස්වීමේ ලිපියත් යවලා
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්. බී. එම්. රණතුංග මහතා එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
ඉකුත් ඔක්තොම්බර් මස 10 වැනිදා රණතුංග මහතා එකී ධූරයේ වැඩ ඇරඹී ය.
ජනාධිපති ධුරයට අනුර දිසානායක මහතා පත් වීමෙන් පසු හෙතෙම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත්වීම් ලැබී ය.
අද පෙරවරුවේ තම ඉල්ලා අස්වීම ලිපිය භාර දී ඇතැ යි ආරංචි මාර්ග කියයි.
ජනාධිපති ධූරයට අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරන ලද රූපවාහිනි සංස්ථා හා ලංකා ගමනාගමන මණ්ඩල සභාපතිවරු ද ටික දිනකට කලින් ඉල්ලා අස්වූහ.
 
            