වෘත්තීය සමිතියි අගමැතියි
"ජාතික සම්පත් ලෙස රාජ්‍ය බැංකු ආරක්ෂා කළ යුතු යැ" යිඅග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. වෘත්තිය සමිති නියෝජිත සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ආයතනික ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබී ය.
ආයතන ප්‍රතිව්‍යුහගතකරණය, විකල්ප යෝජනා" ආයතන සුරැකීම හා පවත්වාගෙන යාම පිළිබඳ කරුණු රැසක් වෘත්තීය සමිති නියෝජිතයින් මෙහිදී ඉදිරිපත් කළේ ය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා -
"ජාතික සම්පතක් හැටියට මේ රාජ්‍ය බැංකු ආරක්ෂා කරන්න ඕනේ කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ඒ ගැන ගැටළුවක් නැහැ. නමුත් යම් යම් වෙනස්කම් කරන්නේ කොහොමද කියන දේ පිළිබඳව සාකච්ඡා කරන්න වෙනවා. නැත්නම් ඒකපාර්ශවීය තීරණ ගත්තා වෙනවා.
දැන් ආර්ථික අර්බුදයෙන් අපි යම්තාක් ගොඩ ඇවිල්ලා තියෙන නිසා කේන්ද්‍රීය බැංකු අපි කොහොමහරි ආරක්ෂා කරගන්න ඕනේ. ඒක කොහොමද කර ගන්නේ කියලා මීට වඩා පුළුල්ව සාකච්ඡා කළ යුතුයි. මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුට දීල තියෙන ණය තමයි බරපතල තත්ත්වයක් ඇති වෙලා තියෙන්නෙ.
දේශපාලනඥයන්ට ණය දීම නිසා මේක බංකොලොත් වෙලා, මේක පුද්ගලික ආයතනයකට විකුණලා දාන එකයි තියෙන්නේ, කියලා හදාගෙන එන්නේ ගොතන කතාවක්. එවැනි කතාවලට නොරැවටී මේ බැංකු තුන පිළිබඳව සුවිශේෂ ආකාරයෙන් මැදිහත්විය යුතුයි.
වතු ගම්මාන ඇති කිරීම පිළිබඳ යම් ගැටලු ඇති වෙලා තියෙනවා. වතුවල ගම්මාන ඇති කිරීම සඳහා නිශ්චිත ප්‍රදේශ හඳුනාගැනීම තවමත් ඉවර වෙලා නැහැ. අඩි 3500 කට වඩා උස ප්‍රදේශවල කිසිම විදිහකින් අලුතෙන් ගෙවල් හදන්නේ නැහැ. ඒක ආණ්ඩුවේ තීරණයක්. එම ප්‍රදේශ ක්‍රමයෙන් වන සංරක්ෂණයට මුදා හරිනවා. දැනට අපි එකඟ වී තිබෙන ජාත්‍යන්තර කාලගුණ විපර්යාස එකඟතාවය අනුව අඩි තුන්දහසෙන් උඩ වතු තබාගන්න පුළුවන් වෙන්නේ පදිංචිකරුවන් නොමැතිවයි. එවැනි උස් මට්ටමේ දැනට ඉදිකර තිබෙන නිවාස සම්බන්ධයෙන් මොකක්ද කරන්නේ කියලා මේ දිනවල සාකච්ඡා කරනවා.
වතු නිවාස හිමි අය වතුවල ඉන්නේ 143,000 යි. අනිත් අය වතුවල පදිංචි නැහැ."
රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි, හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ,අග්‍රාමාත්‍ය වෘත්තීය සමිති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ තුෂාර දිසානායක" රාජ්‍ය සේවා එක්සත් වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ඩබ්.ඒ. පියදාස, පොදු ජන ප්රගතිශීලී සේවක සංගමයේ ලේකම් බන්දුල සමන් කුමාර ඇතුළු වෘත්තීය සමිති සම්මේලන රැසක නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වූහ.