චෝදනාව ඉස්ලාම් දහමට අපහාස කිරීම
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මාස නවයක ලිහිල් සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කරන ලදි. සිරදඬුවමට අමතරව රුපියල් 1500 දඩයක් ද නියම කෙරුණි.
මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙකී දඬුවම නියම කරන ලද්දේ ඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවකට උන්වහන්සේ වරදකරු කරමිනි.
2016 වසරේ ජූලි මස 16 වැනිදා කිරුළපන ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් දී ඉස්ලාම් දහමට අපහාස කරන ලද බවත් එමගින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන බවටත් පොලිසිය විසින් චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර තිබිණ.