බටහිර ඉවුරේ ජනාවාසවල සම්පූර්ණ ඊශ්‍රායල නීතිය ක්‍රියාත්මක කිරීමට, ඔහුගේ දිගුකාලීන ආශාව ඉක්මනින් ක්‍රියාත්මක වීමට, අවස්ථාවක් තිබේද යන්න පැහැදිලි නැත.
ඊශ්‍රායල හමුදා විසින් අල්ලා ගත් බටහිර ඉවුරේ පලස්තීන සරණාගතයින් සඳහා වූ එල් ෆාරා කඳවුර අප්‍රේල් මාසයේදී වැටලීය. හමාස් සංවිධානයේ නායකත්වයෙන් යුත් ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව බටහිර ඉවුරේ ආක්‍රමණ තීව්ර කර ඇත
ඊශ්‍රායලයේ අන්ත දක්ෂිණාංශික මුදල් ඇමති Bezalel Smotrich, ඊශ්‍රායලය විසින් අත්පත් කරගෙන සිටින බටහිර ඉවුරේ ජනාවාස ඈඳා ගැනීමට සූදානම් වන ලෙස නියෝග කර ඇත.
ජනාවාස භාරව සිටින ස්මොට්රිච් සඳුදා පැවසුවේ “ස්වෛරීභාවය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සකස් කරන ලෙස” තම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බවයි.
බටහිර ඉවුරේ ජනාවාසවල සම්පූර්ණ ඊශ්‍රායල නීතිය ක්‍රියාත්මක කිරීමට, ඔහුගේ දිගුකාලීන ආශාව ඉක්මනින් ක්‍රියාත්මක වීමට, අවස්ථාවක් තිබේද යන්න පැහැදිලි නැත.
මීට පෙර සඳුදා, ඊශ්‍රායලයේ නව විදේශ අමාත්‍ය Gideon Sa'ar, ඈඳාගැනීමේ ප්රශ්නය සම්බන්ධයෙන්, රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ප්‍රකාශ කර ඇති නමුත්, ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ලෙස පත්වූ පළමු ධුර කාලය තුළ එය සාකච්ඡා කර ඇති බව සඳහන් කර “එසේ නම් එය වොෂින්ටනයේ සිටින අපගේ මිතුරන් සමඟ නැවත සාකච්ඡා කරනු ඇතැ යි කියයි.
නිරීක්ෂකයින් පැවසුවේ ස්මොට්‍රිච්ගේ නිවේදනය බොහෝ දුරට, ඊශ්‍රායලයේ බිඳෙනසුලු දේශීය දේශපාලනයේ, දේශපාලන භූමිය ඉවත් කිරීමට පෙලඹී ඇති බවයි.
කෙසේ වෙතත්, එය පලස්තීන අධිකාරියෙන් ඉක්මන් හෙළා දැකීමට ලක් වූ අතර, එහි විදේශ කටයුතු අමාත්‍යාංශය එවැනි ප්‍රකාශයන් "පලස්තීන ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වන සමූල ඝාතනයේ සහ බලහත්කාරයෙන් අවතැන් කිරීමේ ව්‍යාපාරයේ නිර්ලජ්ජිත යටත් විජිතවාදී සහ වර්ගවාදී දිගුවක්" ලෙස සංලක්ෂිත කළේය.
පලස්තීන අධිකාරියේ ජනාධිපති ධූරයේ ප්‍රකාශක නබිල් අබු රුඩයිනේ පැවසුවේ, ස්මෝට්රිච්ගේ ප්‍රකාශයන් "2025 වන විට බටහිර ඉවුර පාලනය කිරීමට, ඊශ්‍රායල ආණ්ඩුවේ පවතින සැලසුම් අවසන් කිරීමට ඇති අභිප්‍රාය" තහවුරු කිිිිිිරීමක් බවයි.
"ඊශ්‍රායල් වාඩිලාගැනීමේ බලධාරීන්" සහ එක්සත් ජනපද පරිපාලනය යන දෙකම, ඔහු සතුව ඇති බව පැවසීය.