උණුසුම් පුවත්සෞඛ්‍යය

ඩෙංගු රෝගීන් 40633 ක් – මරණ 22 ක්

ප්‍රවේසම් වෙන්න - ඩෙංගු රෝගය මාරාන්තිකයි

මේ වසරේ ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 40633 ක් වාර්තා වී ඇති අතර එයින් රෝගීන් 22 ක් මියගොස් ඇතැ යි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසිලා සමරවීර මහත්මිය කියයි.

ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගීන් 1616 ක් සොයාගෙන ඇති අතර එයින් වැඩි පිරිසක් වර්තාවී ඇත්තේ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

මේ දිනවල රටපුරා පවතින අධික වර්ෂාවත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි  අවදානමක් පවතින්නේ යැ යි ද වෛද්‍ය සමරවීර මහත්මිය ජනතාවට අනතුරු අඟවන්නී ය.