ආර්ථිකඋණුසුම් පුවත්කාලීනදේශපාලන

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නව තීරුබදු!

ශ්‍රී ලංකාවට 44% ක තීරු බද්දශ

අමෙරිකාවේ වෙළෙඳ අසමතුලිතතාවය පාලනය කිරීමට සහ අමෙරිකානු කර්මාන්ත ධෛර්යමත් කිරීමේ අපේක්ෂාවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා නව බදු පැනවීමක් ප්‍රකාශ කරන ලද්දේ ය.

මෙම නව බදු ප්‍රතිපත්තියට අනුව සියලුම ආනයන සඳහා 10% ක තීරු බද්දක් ඇතුළත් වෙයි. අමෙරිකා එක්සත් ජනපදය සමග වෙළෙඳ අතිරික්තයක් පවත්වාගෙන යන රටවල් උදෙසා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවට 44% ක තීරු බදු පැනවීමක් සිදුකර තිබේ. ට්‍රම්ප් විසින් පනවා ඇති ලොව වැඩිම තීරුබදු පනවා ඇති පළමු රටවල් පහ අතරට අපේ රට ඇතුළත් වීම විශේෂත්වයකි.

කාම්බෝජනයට පනවා ඇති තීරු බද්ද 49% කි. වියට්නාමයට 46% ක තීරුබදු පනවා තිබේ.

බංග්ලාදේශයට 37% , තායිලන්තයට 36%, චීනයට 34%, ඉන්දියාවට 26% ක බදු පැනවීමක් සිදුකර තිබේ.  ඔහු යුරෝපීය සංගමයට පනවා ඇති තීරු බද්ද 20% කි.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා අමෙරිකාව මෙතෙක් පනවා තුබූ 12.2% ක තීරුබදු ප්‍රමාණය  ට්‍රම්ප්  ගේ නව බදු පැනවීමත් සමග ලාංකේය අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ශ්‍රී ලංකාවෙන් වැඩිම ඇගලුම් අපනයනයන් කරනුයේ අමෙරිකාවටයි. නව බදු පැනවීම සමඟ එම ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වනු ඇති බව විශේෂඥ මතය යි.