ව්‍යාපෘති ණය ඩොලර් බිලියන 8 ක් ලබාගෙන ඇතත් වත්කම් ඇත්තේ බිලියන 2 කටත් අඩුවෙන් ලු
ඇමරිකානු ඩොලර් කෝටි 600 ක මුදලක් අතුරුදන් වී ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති ආනන්ද විජේපාල මහතා පැවසී ය.
එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බව හෙතෙම සඳහන් කළේ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
විජේපාල ඇමතිවරයා මේ අදහස් පළ කළේ කොළඹදී අද (20) දින විවෘත කරන ලද අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශයේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
රට විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8 ක ව්‍යාපෘති ණය ලබාගෙන තිබුණද, පවතින වත්කම් ප්‍රමාණය පවතින්නේ ඩොලර් බිලියන 2 කටත් වඩා අඩු මට්ටමක යැයි ද හේ ප්‍රකාශ කළේ ය.
අපරාධයකින් උපයාගත් දේපොළ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට හැකි වනු ඇතැයි තව දුරටත් කතා කරමින් හේ විශ්වාසය පළ කළේය.
