වවුනියාවෙන් අක්මීමණට ආ නෑදෑ තරුණ තරුණියන්

ජාතිවාදී ආගම්වාදී, වර්ගවාදී මතබේදාත්මක ගැටුම්වලට මූලික හේතුවක් වන එකිනෙකාගේ සංස්කෘතීන් අතර ඇති අනවබෝධය, සන්නිවේදනයේ පවතින දුර්වලතාවයක් ලෙස හදුනාගෙන ඇති අතර එම දුර්වලතාවය මගහරවා ගනිමින් තරුණ තරුණියන් අතර ද්වී භාෂා සන්නිවේදන හැකියාව ශක්තිමත් කිරීමේ අරමුණින් භාෂා පාලම ගොඩනැංවීම උදෙසා වන “තල් අරඹෙන් රුහුණුපුරට” තරුණ හුවමාරු වැඩසටහනේ සමාරම්භක උත්සවය 2025.09.23 (ඊයේ) පස්වරුවේ අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ආරම්භ විය.
වවුනියාව දිස්ත්‍රික්කයෙන් පැමිණී තරුණ තරුණියන් මහත් හරසරින් යුතුව අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ තරුණ තරුණියන් විසින් පිළිගනු ලැබිණි.
වවුනියා දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් විසිදෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරුණ තරුණියන් විසිදෙනෙකුගේ සහභාගීත්වයෙන් ගාල්ල, අක්මීමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කඳුරුගමුව ග්‍රාම නිලධාරී වසමේදී 2025.09.23 දින සිට 2025.09.26 වන දින දක්වා මෙම වැඩසටහන පැවැත්වේවේ
වවුනියාවේ සිට පැමිණෙන තරුණ තරුණියන් විසිදෙනා අක්මීමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පදිංචි තරුණ තරුණීයන්ගේ නිවෙස් වල නතරවී සහෝදරත්වය බෙදාගනිමින් එක්ව ජීවත් වෙමින් කාලය ගත කිරීමට නියමිත ය. මෙම වැඩසටහන ක්‍රියාත්මක වන දින හතර ඇතුළත ගාල්ල ප්‍රදේශයේ ඇති සංස්කෘතිකමය ස්ථානයන් හා ආගමික ස්ථානයන් ඇතුළු විනෝදාස්වාදය සපයන ස්ථානයන් නැරඹීමට ද සහභාගී වනු ඇත.
කදුරුගස්හේන ශ්‍රී මහින්දාරාමයේ විහාරාධිපති ආචාර්ය තලහේ සුමනවංශ ස්වාමීන් වහන්සේ, අක්මීමන ප්‍රාදේශිය සභාවේ සභාපති සුගත් ආනන්ද, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (ජාතික ඒකාබද්ධතා) කේ. මහේෂන්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්.ඒ. ධර්මසිරි, අක්මීමන ප්‍රාදේශීය ලේකම් ටී.ජී.එස්. සජීවනී යන මහත්මීන් ඇතුළු අක්මීමන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිළධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.