උණුසුම් පුවත්

ත්‍රිවිධ හමුදාව හා පොලිසිය විපතට පත් ජනතාවගේ පිහිටට

පොලිසිය ක්ෂණික ඇමතුම් ලබා ගැනීමට දුරකතන දෙකක් වෙන්කර ඇත

යුද හමුදාව, නාවික හමුදාව හා ගුවන් හමුදාව ද පොලිසිය ද ගංවතුරෙන් පීඩා වි දින ජනතාවට පිහිටවීමට සේවයේ යෙදී සිටිති. 

නාවික හමුදාව ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍ත්‍රික්ක වල විපතට පත් වූවන් ගලවා ගැනීමේ මෙහෙයුමට බෝට්ටු ගණනායක් යොදවා ගෙන සිය මෙහෙයයේ යෙදේ. 

ගුවන් හමුදාව හෙලිකොප්ටර් තුනක් ආපදාවලට ලක්වූවන් ගේ පිහිටට යොදවා ඇත.

යුද හමුදාව මෙන් ම පොලිසිය ද නිබඳවම මේ උදෙසා සිය ශ්‍රමය වැය කරමින් සිටී.

පොලිසිය විසින් අවශ්‍ය පිහිට ලබා ගැනීම සඳහා දුරකතන දෙකක් මෙහිලා වෙන්කර ඇත. එම දුරකතන අංක 0112421620 හා 0112 4211111 යන ක්ෂණික දුරකතන  අංක ඔස්සේ ඇවැසි සහාය ලබා ගැනීමට මහ ජනතාවට හැකියාව ඇත.