මීටියාගොඩ ජනයා නඟන මැසිවිල්ල
මහජන බැංකුවේ මීටියාගොඩ ප්‍රාදේශීය ශාඛාවෙන් ක්ෂණික ව මුදල් ලබා ගත හැකි ඒ.ටී.එම් යන්ත්‍රයක් ලබා දෙන්නැයි ප්‍රදේශවාසීන් නඟන හඬ යි.
සඳකැන් පාෂාණ (Moonstone) නිධියක් ලොව ඇති ද ඒ ඒකම ප්‍රදේශය මීටියාගොඩ නිසා එම පතල් නැරඹීමට දිනපතා ම පාහේ විදේශීය සංචාරකයෝ පැමිණෙති .එම මැණික් යොදා ස්වර්ණභරණ නිෂ්පාදන ආයතන රාශියක් ද නගරය ආශ්‍රිතව ඇත. ලංකා පිඟන් මැටි ආයතනයට සම්බන්ධ මැටි ශුද්ධාගාරයක් හා එම පිඟන් ගඩොල් නිශ්පාදන අලෙවි සැලක් ද ඇත්තේ ය .
විශාල අපනයන ආර්ථික බෝගයක් වන කුරුඳු ඉඩම් හිමියන් කුරුදු මිළට ගැනීමේ ව්‍යාපාරික ස්ථාන ද මේ උප නගරය ආශ්‍රිතව පිහිටා ඇත .
පොලිසිය, තැපැල් කන්තෝරුව, සමුපකාර ආයතන හා ග්‍රාමීය බැංකුව ආදී ආයතන ද මීටියාගොඩ පිහිටියේ ය
එදිනෙදා අවශ්‍යතා උදෙසා එකී ආයතනවලට පැමිණෙන ජනතාව ට හදිසි මුදල් අවශ්‍යතාවක දී කිලෝ මීටර් අටක් පමණ දුර ගෙවා අම්බලන්ගොඩ ,හික්කඩුව ,හෝ බටපොල නගරය ට යාමට සිදුව ඇතැයි මහජන බැංකුවේ මීටියාගොඩා ශාඛාව ඇසුරේ ගනුදෙනු කරන ජනතාව කලක පටන් මහජන බැංකු පාලනාධිකාරියෙන් ඉල්ලීම කර ඇතත් මේ දක්වා ජන හඬ බීරි අලියනට වීණා වැයීමක් වී ඇත..
මහජන බැංකු පරිශ්‍රයට ඒ .ටී.එම් යන්ත්‍රයක පහසුකම ලබා දෙන්නට හෙළදිව මහජන බැංකු පාලනාධිකාරිය වෙත මෙසේ දන්නා සිටින වග යි.
- ලාල් ගොඩගේ -