ආර්ථිකඋණුසුම් පුවත්

තෙල් මිල පහළට

ලංකා තෙල් සංස්ථාව නිවේදනය කරයි

අද (අප්‍රේල් 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය ඉන්ධන මිල   සංශෝධනය කර තිබේ.

නව සංශෝධනය ප්‍රකාරව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 3 කින් පහළ දමා ඇත.  නව මිල රු. 368 ක් දක්වා පහළ යනු ඇත.

  ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රු. 20 කින් පහළ හෙළා ඇත.  නව මිල රු. 420 ක් දක්වා පහළ යනු ඇත.

ලංකා සුදු ඩීසල් ලීටරය මිල රු. 30 කින් පහළ දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා නිවේදනයේ දැක්වේ. 

ඒ අනුව, එහි නව මිල රු. 333 ක් දක්වා පහළ යනු ඇත.

තව ද ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 9කින් පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව, එහි නව මිල රු. 377ක් දක්වා පහළ බසී.

  භූමිතෙල් ලීටරයක මිල රු. 30 කින් පහළ දමන බව ය.

  එහි නව මිල රු. 215ක් දක්වා පහළ යනු ඇත.

ලංකා අයි.ඕ.සී. සමාගම ද මෙකි මිල ගණන්වලට සමගාමීව සිය මිල ද සංශෝධනය කර තිබේ.