උණුසුම් පුවත් දකුණු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී මුදවා ගත් ධීවරයින් 06 දෙනා නාවික හමුදාවෙන් බේරා ගනී 2024-06-020 නාවික සැතපුම් 480් ක් (කිලෝ මීටර් 889) දියඹ මුහුදේ දී මොවුන් ආපදාවට හසුවයි සිටියේ ශ්‍රී ලංකාවට දකුණු දෙසින් දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 480 ක් පමණ (කිලෝ මීටර් 889 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේදී ආපදාවට පත්ව සිටියදී කොළඹ, සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, විදෙස් නෞකාවක් මඟින් මුදවා ගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් හය දෙනා (06), අද දින උදෑසන (2024 ජුනි 02) ගාල්ල වරාය වෙත රැගෙන ඒමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. ඒ අනුව, කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදවා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන්, ‘MT TONEGAWA’ නමැති වෙළඳ නෞකාව මඟින් 2024 මැයි මස 31 වන දින මුදවා ගත් මෙම ධීවරයින් හය දෙනා (06) අද දින උදෑසන (2024 ජුනි 02) එම නෞකාව මඟින් ගාල්ල වරාය ආසන්නයට රැගෙන ඒමෙන් අනතුරුව, වේග ප්‍රහාරක යාත්‍රාවක් මඟින් මෙලෙස ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කෙරි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article විස්සයි විස්ස ලෝක ක්‍රිකට් ශූරතාවලිය සඳහා කණ්ඩායම් විස්සක් පොරපිටියට එක්ව සිටී Next Article මුහුදු යෑමෙන් වළකින්න – ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්