උණුසුම් පුවත්

දකුණේ නව ආණ්ඩුකාරවරයා ලක්ෂ්මන් යාපා

දකුණු පළාතේ අට වැනි ආණ්ඩුකාරවරයා අබේවර්ධනයන් ය

දකුණු පළාතේ නව ආණ්ඩුකාරවරයා සේ වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස සේවය කළ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (02) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

ඔහු වයඹ පළාත් ආණ්ඩුකාරවරයා සේ පත්වීමට පෙර පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමති ධූර මෙන් ම රාජ්‍ය ඇමති ධූර ද දැරුවේ ය. 

ආරම්භක දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු සේ දේශපාලනයට පිවිසි හේ පාර්ලිමේන්තුවේ නියෝජිතයකු සේ ‌ එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී අනතුරුව  පොදූජන ‌එක්සත් පෙරමුණ හා එක්ව මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් පසු ජනමාධ්‍ය රාජ්‍ය  ඇමතිවරයා ලෙසත් ජනමාධ්‍ය ඇමතිවරයා ලෙසත් පාර්ලිමේන්තු කටයුතු ඇමතිවරයා සේත් ආර්ථික කටයුතු සංවර්ධන රාජ්‍ය  ඇමතිවරයා ලෙසත් ආදී වශයෙන් තනතුරු ගණනාවක් දැරී ය.

හේ මාතර ශාන්ත ස්වේෂස් විදුහලෙහි හා ගාල්ල මහින්ද විද්‍යාලයේත් ආදි සිසුවෙකි. 

ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද දිවුරුම් දුන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා සේ සේවය කළ විලී ගමගේ මහතා එම තනතුරින් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ය.