උණුසුම් පුවත්

දකුණේ වේගවත් ම පුංචි කෙල්ල

අම්බන්ගොඩ හසරැලි හිමල්ෂි  නිසංසලා

දකුණු පළාත්  ක්‍රීඩා අමාත්‍යාංශයේ  අනුග්‍රහයෙන් (ජුනි 01දා)ඉකුත්දා  බද්දේගම  දිස්ත්‍රික්  ක්‍රීඩා  සංවර්ධන  ක්‍රීඩාංගණයේදී  මෙම  තරඟ  පවත්වනු ලැබූ  2024 දෙවන  අදියර  ජාතික  මලල ක්‍රීඩා  තරඟාවලියේ දී  අම්බලන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය  නියෝජනය කරමින් සහභාගි වූ  එච්.ජී.හසරැලි හිමල්ෂි  නිසංසලා ක්‍රීඩිකාව  තරඟ  තුනකින්  ජයග්‍රහණය  ලබා  වයස අවුරුදු  14 න් පහළ  දක්ෂතම ක්‍රීඩිකාව ට හිමි සම්මානය  හිමි කරගෙන  තිබේ.

අවුරුදු  14 න් පහළ බාලිකා  මීටර්  සියය පළවෙනි ස්ථානය , මීටර්  තුන්සියය තුන් වන ස්ථානය  හා මීටර් 400 සහාය  දිවීම(විවුර්ත )තරඟයේ  පළවෙනි ස්ථානය  ඇය විසින්  හිමි කර ගෙන තිබේ.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 150 කින් අඩු කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.

ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 60 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 28 කින් ද, පහළ දැමූ බවත් නව මිල අද (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.

එම මිල පහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3790 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1522 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 712 දක්වා ද පහළ වැටුණු බවත් මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

          -  ලාල් ගොඩගේ  -