උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව “දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් නැගිට මියයාම වටී …..” 2024-11-170 බැතියෙන් නොව සැදැහැවතින් ලොව දෙස බලන දිනයක් වේවා! අද දවසේ ජ්‍යේෂ්ඨ පුරවැසියන් ව සිටින අයගෙන් බොහෝ දෙනෙකු තමන් සිය තාරුණ්‍යය කරා එළැඹියේ සෝවියට් දේශය හරහා පුබුදුවා ගත් සමාජවාදී සමාජ රටාවක සිහින සමුදායක් සමගිනි.එදා"වානේ පන්නරය ලබපු හැටි" "අම්මා" වගේම ඔරුවල බන්දුගේ "පස් අවුරුද්ද " ඒ හැඟුම් එදා පෝෂණය කළේය. එදවස වුවද සමාජයේ අදට වඩා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වී තිබූ බව රහසක් නොවේ. මිනිසා අදට වඩා සංස්කෘතික හා සහකම්පනයෙන් යුත් යුක්තිගරුක හා නීතිගරුක මිනිසෙකු විය. එය එසේ තිබියදීත් මෙරට 1971 වෙද්දී පැවැති සමාජය තුළින් පාලනය හා නෛතික රාමුව වෙනස්විය යුතුය යන හඬ ඉතා ප්‍රභලව නැඟුණු බව අපි අත්වින්දෙමු. එය 1948 පසු මෙරට මතුවූ කිසියම් සමාජ විරසක බව කියා පෑමකි. එහෙත් එය එදා මෝරා නොගිය සමාජ විරෝධි පරිසරයකට වඩා මෝරා ගිය ත… ජීවිතයේ හිනා වෙන්නට පතාගෙන එන මිනිස්සු . හිනාව වෙනුවට නොහිතූ ලෙසකට දුක්ඛදෝමනස්ස එනකොට ඒ මිනිසුන් තක්කු මුක්කු වෙනවා. කරගන්න දෙයක් නැතිවෙනකොට ඒ මිනිස්සු ඉගෙන ගන්නවා අඬන්න. අඬන්න අකැමැති වුවෝ ඉගෙන ගන්නවා ඒවට එරෙහි වෙන්නට. එතැනට එනවා හොඳ හෝ නරක කියන ක්‍රියා. හොඳින් කඳුළා සුසුම පළවා දුක සැපක් කරගන්න බැරි අයගෙ හිත් කළුවෙනවා. ඔවුන් වෛරය කියන වයිරසයේ පාරිභෝගිකයන් වෙනව ඉන්පස්සේ. ඔවුන් එයට ආම්පන්නත් හදා ගන්නවා. තවත් කොටසක් සිද්ධ උනේ මොකක්ද කියල කල්පනා කරල එයින් ගොඩ යන්න මාවත් සොයනවා. ඒ සමහරක් සුන්දර වීරයෝ ,නිර්මාණකරුවන් වගේම අධ්‍යාත්මික බේරුම්කරුවන් වෙනවා. අන්තිමට මේ හැම දෙනාම තොරොම්බල් කරන්නේ එකම දෙයයි. ඒ ජීවිතය . දැන් අපේ ලංකාවේ ජීවිත පවතින්නේ සියල්ලම හරි කියන තැනක. ඒක එක අතකින් හොඳයි මොකුත් නෑ කියා පරාජිතව ඉඳගෙන මොකෙන් හරි ගොඩ යන්න ඕනෑ කියා 'ගේම්'ගහනවාට වඩා. ඒත් මෙතැන තමයි අපි හොඳින්ම පර්ස්සම් විය යුතු තැන. ලංකාවේ මිනිස්සු මරණයක් උනත් මඟුලක් උණත් ඉන්නේ නියම සිහියෙන් නොවෙයි. ඒ වෙලාවට තමයි ගෙවල්වලට නෑදෑ හිතවත් හා උපකාරීන් ලෙස හොරු රිංගන්නේ. ඒ නිසා හිතපුරා ගතපුරා එකම සිතුවිල්ලකින් සිටිද්දී උපක්රමශීලීව ඒ දිහා බලන් ඉන්න දිගුකාලීන සැලසුම් ඇති අයට පහසුයි තමන්ගේ සැලසුම්වලට යොමු වෙන්න. එහෙම උනොත් අපි යන්නේ ගමරාළත් එක්ක දිව්‍යලෝකේ නම් ඒක ආයෙත් අපිට අඬන්න කියා දෙන සෙල්ලමක් . අපි වඩාත් අවබෝධයෙන් සිටිය යුත්තේ යමක් නැතිවිට නොවෙයි ඇති විටයි. ඒ අපිට නැති වෙන්න ඇති වූ දෙයක් තියෙන නිසා. අපි මේ වෙලේ අර ඉංග්‍රීසියෙන් කියන "Too much is good for nothing " හා සිංහල කියමන "මී පැනිත් වැඩි උනාම තිත්තයි' කියන පැරණි කියමන් ගැනත් බැලිය යුත්තේ තරහෙන් හෝ ඕවා ඊරිෂියාවට කියන දේවල් කියා හිතා නොවෙයි. පිටගැස්සමට පෙරින් දෙන වෙනිවැල්ගැට කියා. ඒක තිත්තයි. ඒත් ගුණේ ඇත්තයි. හේතුව මේ වෙලේ මේ දේ ලිස්සා ගියොත් ඇමක් කෑවොත් වෙනදා කීවා වගේ නොවී ආයෙත් මේක ගොඩ ගන්නම බැරිවෙයි. ඒ නිසා අපි ඉන්නේ මොළේ හොඳින් කළමනාකරණය කරගන්න ඕනේ බැරෑරුම් ම මොහොතක . ඒකට ජාති ආගම්,පක්ෂ පාට,මොනම හරි භේදයක් නෑ. එකාවගේ වැරදි හදා ගෙන අනිකා ගැන මිනිස් හැඟීමෙන් හිතා කටයුතු කළොත් අර හැටනව ලක්ෂයක් අරන් පුස්සක් වුනු පැතුම් ගොන්න මේ සැරේ හැබෑ ජයක් කරගන්න පුළුවන් . අපි අවදියෙන් ඉමු.! එකමුතුව ක්‍රියා කරමු.!! විවේචන විචාර කරගමු.!!! දයාව සෙනහස අනිකා දිනාගැනීමේ මුරපදය කරගමු. ඔබට සොඳුරු දිවියක්! නඬන්නම සිනාසෙන! - චම්මින්ද වෙලගෙදර - Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ගැඹුරු මුහුදේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබු මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට Next Article නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට (18)