කුඩම්මාගෙන්වත් නොකෙරෙන සැලකිල්ලක්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්තොට ආසන සමුළුවට හිටපු ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාට හෝ ඔඒු පුත් ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහාතාට ද ආරාධනා නොකිරීම මාතලේ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ කණ්ඩායම අතර මතභේදයක් හටගෙන පවතී.
පොහොට්ටුවේ මාතලේ දිස්ත්‍රික් නායකයා ජනක බණ්ඩාර තෙන්නකෝන් ය. එහෙත් ඔහුට හෝ ඔහුගේ පුත් මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාරට හෝ මේ සමුළුව ගැන කිසිදු ඇරයුමක් නොකිරීම නිසා ඔවුන් දෙදෙනා ඊට සහභාගී වි නොමැත.
ඉකුත් 08 වැනි දා රත්තොට පොහොට්ටු සමුළුව පවත්වන ලද්දේ එහි වත්මන් ජාතික සංවිධායක හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ගේ ප්‍රධානත්වයෙනි.මෙය සංවිධානය කරන ලද්දේ ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක මහතා විසිනි.
තම පියාණනට කරන ලද මදිපුංචිකමක් සේ පොහොට්ටුවේ මේ පිළිවෙත හෙළා දකින ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ රාජ්‍ය ඇමතිවරයා එහි පලවිපාක ඉදිරියේ දී මාතලේ දිස්ත්‍රික් ජනතාව වෙතින් රටට බලාගත හැකි බව සඳහන් කරයි.