උණුසුම් පුවත්දේශපාලන

දහවැනි පාර්ලිමේන්තුවට නියෝජිතයින් තෝරා ගන්න හෙට එක් කෝටි හැත්තැ එක් ලක්ෂයකට වැඩි ඡන්දදායකයින් පෙළ ගැසේවි ද?

පාර්ලිමේන්තු මහ මැතිවරණය - 2024 නොවැම්බර් 14 (හෙට)

පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරා  ගැනීමේ දිනය වන හෙට (14) ඡන්දය භාවිතා කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් ගේ සංඛ්‍යාව එක්කෝටි හැත්තැ එක් ලක්ෂ හතළිස් දාස් තුන්සිය පණස්හතර දෙනෙකි (17 140354).

මේ ඡන්දදායකයින්ට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා දිස්ත්‍රික්ක විසි දෙකක ඡන්ද මධ්‍යස්ථාන 13421 ක් ෂූදානම් කර ඇත. ඡන්ද කොට්ඨාස 13314 කි.

හෙට පෙරවරු 7. 00 ට ඡන්දය භාවිතා කිරීම ඇරඹෙන බවත් පස්වරු 4. 00 ට නිමා කෙරෙන බවත් මැතිවරණ කොමිසම කියයි.

අනතුරුව ඡන්ද මධ්‍යස්ථාන වෙත ආරක්ෂිතව   ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙතඡන්ද පෙට්ටි  ගෙන යෑමෙන් අනතුරව තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ. හෙට පැවැත්වෙන මහ මැතිවරණයේ දී  මධ්‍යස්ථාන 2034 ක ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන සේ භාවිතා කෙරන බව කොමිසම කියයි.