ආරක්ෂකඋණුසුම් පුවත්කාලීනසංස්කෘතික

දහසය හවුරුද්දකට පසු දළඳා සමිඳුන් වැඳපුදා ගනිමු

අති විශාල පිරිසක් සෙංකඩගල පුරවරයට රොක් වෙතැයි විශ්වාස කෙරේ

දළඳා වහන්සේ  වැඳපුදා ගන්නට බැතිමතුවට අවස්ථාව සැලසෙන්නේ හවුරුදු දහසයකට පසුව යි. ඒ  එළඹෙන අප්‍රේල් මස දහ අටවැනි දින සිට 27 වන දින දක්වා කාලයේ දී ය.

මේ විශේෂ දළඳා දැක්ම ජනපති අනුර කුමාර දිසානායක මහතා විසින් මල්වතු අස්ගිරි මාහිමිපාණන් වහන්සේලාගෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව සිදු කෙරෙනා ප්‍රදර්ශනයකි

මේ විශේෂ අවස්ථාවේ දී දන්ත ධාතූන් වහන්සේ වන්දනා මානයට බැතිමතුන් විසි දෙලක්ෂකයට පමණ හැකි වනු ඇතැ යි මාළිගාවට සම්බන්ධ ආරංචි මාර්ගයකින් හෙළදිවට සැලවිය.
මාළිගාවේ  නිතිපතා පැවැත්වෙන සම්ප්‍රදායන්ට අනුව කෙරෙන තේවාවන් නිසි පරිද්දෙන් ඉෂ්ට සිද්ධ කරන්නට තේවාව භාර මහ සඟරුවනත් දියවඩන නිලමේ ප්‍රධාන කාර්ය මණ්ඩලයත් ඇප කැපවී සිටිමින් කරන්නා වූ මහඟු මෙහෙය කෙසේ නම් මිනින්න ද?
මේ අති විශේෂ දළඳා දැක්ම කෙරෙහි නේකාකාර යෝජනා සමහර පිරිස් වෙතින් ඉදිරිපත් වෙන ප්‍රවනතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙමින් පවති.