දිගු පෝලිම්වලට ජනතාව එක්ව සිටිති
දළඳා දැක්ම හෙට පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිත ය. සමාරම්භක අවස්ථාව හෙට දහවල් 12. 30 ට පමණ ඇරඹේ. ඒ ජනපති අනුර කුමාර දිසානායක මහතා ගේ ප්රධානත්වයෙනි.
දළඳා සමිඳුන්ය වැඳපුදා ගැනීමේ අපේක්ෂාවෙන් සැදැහැතුන් උදේ පටන් මාළිගාව ආසන්නයේ දිගු පෝලිම්වලට එක්ව සිටින්නේ දැඩි භක්තියෙකිනි.
බැතිමතුන් සඳහා සූදානම් කර ඇති පෝලිම් තුන මේ වන විට කිලෝමීටරයකට වඩා වැඩි දුරක් පැතිර ඇත.
දළඳා වන්දනාව සදහා අවම ලක්ෂ විස්සක ජනතාවක් පැමිණෙතැයි විශ්වාස කෙරේ.
