හොයා බලන්න දේශපාලනඥයනුත් නෑ. නිලධාරිනුත් නෑ
හික්කඩුව අධ්‍යාපන කොට්ඨාසයේ ගා/ ඉඩම්තොට විද්‍යාලංකාර කණිටු විදුහල දැනට වසර හතකට ආසන්න කාලයක සිට වසා දමා ඇත .
මෙහි වටිනා ගොඩනැඟිලි හතරක් දිරාපත් වෙමින් පවතී. විදුහල ඉදිරිපිට මහා මාර්ගයේ ජල නළ පද්ධතියක් හා විදුලිය පහසුකම් ද ඇත්තේ ය. මේ ප්‍රදේශයේ මෙකී විදුහලේ ගොඩනැඟිලි ප්‍රයෝජනවත් කාරියකට හෝ යොදා ගන්නැයි ප්‍රදේශ වාසීහු ඉල්ලති.
මේ පාසලට අයත් ක්‍රීඩා පිටිය අක්කරයකට වැඩි භූමියකින් හෙබි ය.
මෙම ගොඩනැඟිලි විශේෂ කාර්ය බලකායේ කඳවුරක් සඳහා ලබා ගැනීමට යෝජනා වී තිබුණි. එහෙත්ර ක්ෂිත තාප්පයක් හා වැසිකිළි, කැසිකිළි පද්ධතියක් නොමැති නිසා ඊට ද කණකොකා හැඬූ බව ගම්වැසියෝ කියති.
දකුණු පළාත් නව ආණ්ඩුකාරවරයා ගේ නෙත, විනාශ වෙමින් පවතින මේ ජාතියේ සම්පත කෙරෙහි යොමු කරවන සේ ඔවුහු 'හෙළදිව' ඊ පුවත් සංග්‍රහයෙන් ඉල්ලූ හ.