උණුසුම් පුවත්කාලීනපරිසරය

දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවී්

අවධානයෙන් ඉන්න - ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය

දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 21 කට නාය යැමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (29 )තවදුරටත් නිකුත් කර ඇත.

දින ගණණාවක්  පුරා රට තුළ පවතින වැසි සහිත කාලගුණ තත්ය තව දුරටත් පැවතීමේ හේතුවෙනි.

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම හා නෙළුව ප්‍රාදේශිය  ලේකම් කොට්ඨාස ‌දෙකටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, මාවනැල්ල, ගලිගමුව සහ දැරණියගල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, කලවාන හා අයගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලටත්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයටත් පළමු මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ. රත්නපුර දිස්ත්‍රික්කයේ  රත්නපුර සහ ඉඹුල්පේ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මෙන් ම  බලංගොඩ, ඇහැලියගොඩ යන බල ප්‍රදේශවලට ත දෙවන මට්ටමේ නිවේදනයද නිකුත් කර තිබේ.

අද මද්දහනේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට 30 වනදා පස්වරු 4.00 දක්වා  බල පැවැත්වේ.  වැස්ස තව දුරටත් පවතී නම් අවධානයෙන් සිටින ලෙස ඒ ඒ ප්‍රදේශවාසී ජනතාවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනතුරු අඟවමින් සඳහන් කරයි.