උණුසුම් පුවත්

දිසාපතිවරුන් ගේ වගකීම රජයේ සංවර්ධන වැඩ කඩිනම් කිරීමයි

විමධ්‍යගත අයවැය වැඩසටහනේ ප්‍රාථමිකය ක්‍රියාත්මක කර ගැනීමේ ප්‍රමාදයක් - අගමැති කියයි

දිස්ත්‍රික්  ලේකම්වරු සූම් (Zoom) තාක්ෂණය ඔස්සේ මේ හමුවට එකතු වූහ. 

දිවයින පුරා විමධ්‍යගත අයවැය වැඩසටහන,විශේෂ ව්‍යාපෘති, උරුමය වැඩසටහන සහ කඳුකර දශකය වැඩසටහනේ  ප්‍රගතිය විමසා බැලීම සඳහා ඊයේ (2024.06.27)  ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකට පැවතියේ ය.

"විමධ්‍යගත අයවැය වැඩසටහනේ සම්පූර්ණ ව්‍යාපෘති ගණන 33 362 ක් වන අතර ඒසඳහා වෙන්කළ මුළු මුදල රුපියල් මිලියන 11250 කි.  දැනටමත් දිස්ත්‍රික්ක වෙත නිදහස් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 11 022 ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස එය 97.98% කි. නිදහස් කිරීමට ඉතිරි ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් මිලියන 227 කි" අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.

''මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන වගකීම දිසාපතිවරුන් සතුයි. ඔබත් අපත් ඒ වගේම විශේෂයෙන් ජනාධිපතිතුමා පත් කළ කමිටුවත් මාස තුනක් පුරා යෙදුණු සාකච්ඡාවල ප්‍රතිඵල සමාලෝචනය කිරීමටයි අද එක්වන්නේ. අනුගමනය කළ යුතු සාම්ප්‍රදායික විමධ්‍යගත ප්‍රතිපාදන වෙන් කිරීම ක්‍රියාත්මක කිරීමේ පිළිවෙතින් සම්පූර්ණයෙන් බැහැර වී පසුගිය දවස් 45 තුළ ජනාධිපතිතුමා ඒ සඳහා අපට ගමන් කිරීමට ඉඩකඩ ලබා දුන්නා. ඒ අනුව දිස්ත්‍රික් ලේකම්වරු, දිස්ත්‍රික්  සංවර්ධන කමිටු සභාපතිවරු,  ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු අන්තර්ගතව මෙම වැඩපිළිවෙළ මෙහෙයවීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී තිබෙනවා"

ගුණවර්ධන මහතා තව දුරටත්තු සිය අදහස් දක්වමින්,

"නිවැරදිද, සම්පූර්ණ වී තිබෙනවාද කියන දේ භාරවෙන්නේ ඔබ සියලු දෙනාටයි. විමධ්‍යගත   වැඩසටහනේ ප්‍රාථමිකය ක්‍රියාත්මක කර ගැනීමට ප්‍රමාදයක් තිබෙනවා. එක සාමාන්‍ය ස්වභාවය. කලින් යෝජනා කර, නිර්දේශ කොට අනුමත කිරීම කළ හැකි නම් ඒවා ක්‍රියාත්මක කරන ආයතන හැටියට එලෙසම කඩිනමින් ක්‍රියාත්මක කරවා ගත යුතුයි. මේ වෙලාවේ අපි ඉක්මනින් අපට භාණ්ඩ  ලබාගන්න පුළුවන්. ඉදිකිරීම් වල ඉංජිනේරු සහතිකය වැනි රාශියක් තිබෙනවා. මේ සියලු වැඩසටහන් ඉවර වුණාට පස්සේ තමයි ක්‍රියාත්මකද නැද්ද කියලා බලන්න වෙන්නේ. මෙම වැඩසටහන් පිළිබඳ සියලු වාර්තා ඉතා පැහැදිලිව ලබාදීමට දිසාපතිවරුන් කටයුතු කළ යුතුයි"

සංවර්ධනය කරමින් තිබී නවතා දැමූ මහා මාර්ග යළි සංවර්ධනය කිරීම ආරම්භ කළා. මේ වැඩසටහන් පිළිබඳ සහයෝගය මදි කියන එක ප්‍රකාශ කරන්න වෙනවා. සියලු බිම් මට්ටමේ තොරතුරු තියෙන්නේ දිසාපතිවරුන්ගේ අතේ. ගිය මාසෙම වැඩ කරන්න බැහැ කිව්වා වැස්ස කියලා. දැන් කියනවා දුවන වැස්සක් කියලා. සෑම දිසාපතිවරයෙක්ම පවතින යථා තත්ත්වය වාර්තා කරන්න.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය  ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එස්. සත්‍යානන්දන්, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ නිලධාරී කේ.ජී විජේසිරි, මෙම අවස්ථාවට සහභාගී වූ අතර දිස්ත්‍රික්  ලේකම්වරුන් සූම්   (Zoom) තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක්වූ අතර  භාණ්ඩාගාර නිලධාරීන්, උරුමය සහ කඳුකර ප්‍රගතිය වැඩසටහන්වල ජනාධිපති විශේෂ කමිටු සමාජිකයින්,  මෙම අවස්ථාවට සහභාගී වූහ.