මාතර මහේස්ත්රාත් අධිකරණයෙන් නියෝග
මාතර මහේස්ත්රාත් අධිකරණය විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දුටු තැන අත්අඩංගුවට ගන්නා ලෙස විවෘත වරෙන්තුවක් අද නිකුත් කලේය.
ඒ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමක් සලකා බලමිනි.
මාතර වැලිගම හෝටලයක් අසල වෙඩි තැබිමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිමට නියෝගයක් කර ඇත. එම සිද්ධියේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු මියගොස් තවත් නිලධාරියෙකු තුවාල ලබන ලදි. ඒ සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පොලිස් නිලධාරින් 8 දෙනෙකු අත්අඩංගුවට ගන්නැයි මාතර උසාවි නියමය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තවේන්තු කිලධාරීන් තෙන්නකෝ මහතා අත්අඩංගුවට ගැනිමේ අපේක්ෂාවෙන් ස්ථාන 10 ක් පරික්ෂාවට ලක් කළ බවත් තවත් ස්ථාන 18 කට බුද්ධි අංශ නිලධාරින් යොදවා ඇති බවත් අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
තමන් අත්අඩංගුවට ගැනිමේ නියෝගය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා තෙන්නකෝන් මහතා නීතිඥවරුන් මාර්ගයෙන් රිට් පෙත්සමක් ඊයේ දින ගොනු කරන ලදි.
ඒ පිළිබඳ ව සලකා බැලීම අද (12) කැඳවිමට නියමිතය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කළ ඉල්ලිමකට අනුව දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනිමට විවෘත වරෙන්තු නිකුත් කිරිමට මාතර ප්රධාන මහේස්ත්රාත්වරයා නියෝග කළේ ය
