40 කට ආසන්නව තුවාල යි
බදුල්ල මහියංගණය මාර්ගයේ දුන්හිඳ දී අද (01) උදේ බස් රථයක් වේල්ලක ගැටී පෙරළී එහි ගමන්ගත් 40 දෙනකුට තුවාල සිදුවී ඇත. තුවාල ලද අයගෙන් දෙදෙනකු මියගොස් ඇති බව පොලිසිය කියයි. මේ අනතුරට ලක්ව ඇත්තේ රත්මලාන කොතලාවල විශ්වවිද්‍යාලයේ අධ්‍යයන චාරිකාවක නියැළි සිසු සිසුවියන් පිරිසක් ගමන් කළ බස් රියකි. මියගිය දෙදෙනා කොතලාවල විශ්වවිද්‍යාලයේ සිසුවියන් දෙදෙනෙකි.
කථිකාචාර්යවරුන් දෙදෙනකු, යුදහමුදා නිලධාරීන් දෙදෛනකු හා සිසු සිසුවියන් තිස් හතර දෙනකු මෙයින් තුවාල ලැබ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.
මොවුන් සියලු දෙනා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුන් කණ්ඩායමති. බස්රියේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා එය වෙල්ලට අල්ලා නතර කර ගන්නට රියැදුරා ගත් උස්තාහය අසාර්ථක වීමෙන් බස්රිය පෙරළී ඇති බව පරීක්ෂණවල දී හෙළි වී ඇත.
සිද්ධිය සැලවූ වහාම බදුල්ල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන් හා කාර්ය මඛ්ඩලය අනතුර සිදුවූ ස්ථානයට ගොස් තුවාල කරුවන් ගලවා ගැනීමේ මෙහෙයුමට ප්‍රදේශවාසීන් ගේ සහාය ද ලබ ගෙන රෝහල්ගත කිර අවශ්‍ය ප්‍රතිකාර හා සැත්කම් කරමින් සිටිති. අනතුර සිදුවී ඇත්තේ බදුල්ල මහියංගණය මාරග්යේ දුන්හිඳ අඹගහඔය පහේ කනුව අසල දී ය.