උණුසුම් පුවත්

දුම්රිය වර්ජනය අහවරයි

හෙට (11) අළුයම සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්වේ

දුම්රිය දෙපාර්තමේන්තුවේ ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය විසින් දින හතරක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද හවස නිමා විය. ඒ් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ වෘත්තීය සංගම් සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව යි.

ඇමතිවරයා හා පැවති සාකච්ඡා සාර්ථක වීම නිසා වර්ජකයෝ වර්ජනය අත්හළහ. ඉල්ලීම් කහිපයක් දිනා ගැනීම උදෙසා ඔවුන් ඇරඹූ වර්ජනයෙන් දුම්රිය මගීහු ඉතා බරපතළ අසීරුතාවන්ට ලක්වූහ. ඔවුහු පාලකයන්ට මෙන් ම වර්ජකයන්ට ද බැණ වදිමින් දොස් නැඟූහ.

වර්ජනය අවසන් කිරීම නිසා හෙට පාන්දර පටන් දුම්රිය ධාවනය යථා පරිද්දෙන් සිදු කෙරෙනා බව වෘත්තීය සමිති නායකයෝ පැවසූහ.