උණුසුම් පුවත්

දුම්රිය වර්ජනයක් අද මැදියම් රැයේ සිට

වාර ප්‍රවේශපත්‍රලාභීන්ට ලංගම බස් පහසුකම් සලසා ඇති ලු

අද (9) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි (වැ. බ.) එස්. එස්. මුදලිගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් අද(09) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් මේ වන විට ධාවනයට සූදානම් කොට ඇති තැපැල් දුම්රියන් අවලංගු කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව යි. 

එමෙන් ම මගී ජනතාව අපහසුවට පත්වීම වළක්වා ගැනීඹ සඳහා හෙට (2024. 07. 10) දින කාර්යාලයී ය දුම්රිය කිහිපයක් ධාවනයේ යෙදවිමට කටයුතු සැලසුම් කොට ඇති බව ද මුදලිගේ මහතා සඳහන් කරයි. 

මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් හෙට දිනයේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි මගීන්ට එම වාර ප්‍රවේශපත්‍රය උපයෝගි කර ගනිමින් ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ප්‍රවාහන පහසුකම් සලසා ගැනීමට අවශය පහසුකම් ප්‍රවාහන අමාත්‍යාංශය විසින් සලසා ඇති බව වැඩි දුරටත් දන්වන්නෙමියි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ගේ නිවේදනයේ දක්වා ඇත.